මෙහෙයුම් පුවත්

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී රෝගාතුර වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් වෙත ලබාගැනීමෙන් අනතුරුව, අද දින (2024 ජුලි 24) ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

24 Jul 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව අද දින (2024 ජුලි 23) අළුයම් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් නව දෙනෙකු (09) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

23 Jul 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 189 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කුඩාව වෙරළ ප්‍රදේශයේ අද දින (2024 ජුලි 21) සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් එකසිය අසූ නවයක (189) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

21 Jul 2024

නීති විරෝධි ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝ ග්‍රෑම් 778 ක පමණ තොගයක් පුත්තලමේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 ජුලි මස 17 වන දින සවස් කාලයේ පුත්තලම, වෙල්ලමුන්දලම සිට කොලන්කනත්ත දක්වා වූ වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් හත්සිය හැත්තෑ අටක (778) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

18 Jul 2024

මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙක් ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව, 2024 ජුලි මස 17 වන දින ත්‍රිකුණාමලය, අභයපුර මංසන්ධිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති (Pregabalin Capsules) තුන්සිය පනහක (350) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

18 Jul 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 226 ක පමණ තොගයක් කල්පිටියේදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කුඩාව වෙරළ ප්‍රදේශයේ අද දින (2024 ජුලි 17) සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් දෙසිය විසි හයක (226) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

17 Jul 2024

නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ ග්‍රෑම් 477 ක පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2024 ජුලි මස 11 වන දින කල්පිටිය පරාමුනේ දූපතේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 477 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

12 Jul 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව අද දින (2024 ජුලි 11) අළුයම් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් දහ තුන් දෙනෙකු (13) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

11 Jul 2024

නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ ග්‍රෑම් 1373 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලමේ දී නාවික හමුදා භාරයට

නාවික හමුදාව අද දින (2024 ජුලි 10) අළුයම් කාලයේ පුත්තලම පල්ලියවාසල්පාඩු වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ වියලි කහ කිලෝග්‍රෑම් 1373 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

10 Jul 2024

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ ග්‍රෑම් 355 කට අධික තොගයක් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් 2024 ජුලි මස 08 වන දින සහ අද දින (2024 ජුලි 09) කල්පිටිය කලපුවේ පෙරිය අරිච්චාල් දූපතේ සහ මන්නාරම පේසාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් තුන් සියය පනස් පහකට (355) අධික තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ට්‍රෝලර් යාත්‍රාවක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

09 Jul 2024