මෙහෙයුම් පුවත්
රුපියල් මිලියන 05 ක පමණ දළ වීථි වටිනාකමින් යුත් හෙරොයින් සමඟ සැකකරුවන් 03 ක් වත්තලදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව අද දින (2024 ජුනි 24) වත්තල ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් ග්‍රෑම් දෙසීයක (0.200) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) හා සැකකාරියක් (01) සහ ත්‍රීරෝද රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
24 Jun 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 46 ක පමණ තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ අද දින (2024 ජුනි 24) උදෑසන කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හතළිස් හයක (46) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
24 Jun 2024
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 ජුනි මස 22 වන දින රාත්‍රී කාලයේ සහ අද දින (2024 ජුනි 23) අළුයම් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් විසි දෙදෙනෙකු (22) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
23 Jun 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 407 ක පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය වෙල්ලමුන්දලම ප්‍රදේශයේ 2024 ජුනි මස 22 වන දින සවස් කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය හතක (407) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
23 Jun 2024
රුපියල් මිලියන 20 කට අධික දළ වීථි වටිනාකමින් යුත් දේශීය ගංජා සමඟ සැකකරුවන් 02 ක් තිස්සමහාරාමයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ කිරින්ද පොලිසිය එක්ව 2024 ජුනි මස 20 වන දින රාත්‍රී කාලයේ තිස්සමහාරාම, කිරින්ද ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, දේශීය ගංජා කිලෝග්‍රෑම් එකසිය හතරකට (104) අධික තොගයක් ප්‍රවාහනය සඳහා සූදානම් කළ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ කැබ් රථයක් (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
21 Jun 2024
ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය

ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ගඟෙහි වක්වැල්ල ප්‍රදේශයේ ඇති පටු පාලම තුල අධික වර්ෂාවත් සමඟ ගසාගෙන එනු ලබන අපද්‍රව්‍ය සිරවී සිදුවන අවහිරතා ඉවත් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය සපයන අතර, එලෙස සිදුකල තවත් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් 2024 ජුනි මස 19 වන දින ක්‍රියාත්මක කෙරිණි.
20 Jun 2024
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 ජුනි මස 18 වන දින අළුයම් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
18 Jun 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 702 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම දළුව ප්‍රදේශයේ 2024 ජුනි මස 15 වන දින අළුයම් කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සිය දෙකක (702) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ත්‍රීරෝද රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
16 Jun 2024
මෙරට බහුදින ධීවර යාත්‍රාවක සූක්ෂම ලෙස සකස් කල කුටීර තුළ සඟවා ප්‍රවාහනය කල රුපියල් මිලියන 3250 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 131 ක පමණ තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ලද බුද්ධි තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවුන්දර සිට දකුණු දෙසට නාවික සැතපුම් 356 ක් පමණ (කිලෝමීටර් 700 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව යොදවා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම ධීවර යාත්‍රාව ගාල්ල වරායට රැගෙන විත් සිදුකල වැඩිදුර පරීක්ෂාවේදී, එම යාත්‍රාවේ සූක්ෂම ලෙස සකස් කල කුටීර තුළ සඟවා තිබූ රුපියල් මිලියන 3250 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 131 ග්‍රෑම් 754 ක පමණ තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීම 2024 ජුනි මස 15 වන දින ගාල්ල වරායේදී සිදු කෙරිණි.
16 Jun 2024
නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදු කල මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගනී

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 400 ක් පමණ දුර ( කිලෝමීටර් 740 ) ගැඹුරු මුහුදේ සිදුකල මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන අද දින සන්ධ්‍යවේ (2024 ජුනි 14) ගාල්ල වරායට රැගෙන ඒමට කටයුතු කෙරිණි. මෙම බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 150 ක් පමණ තිබෙන බවට සැක කෙරෙන අතර, නාවික හමුදාව විසින් යාත්‍රාවේ අභ්‍යන්තර කොටස් මේ වන විට පරීක්ෂා කරමින් පවතී.
14 Jun 2024