මෙහෙයුම් පුවත්

අයහපත් කාලගුණික තත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, පුවක්පිටිය, පාලින්දනුවර හා වැලිපැන්න ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස හා පනාදුගම යන ප්‍රදේශ වෙත නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජුනි මස 01 වන දින කටයුතු කෙරුණු අතර, මේ වන විට එම සහන කණ්ඩායම් ආපදා සහන මෙහෙයුම් සිදු කරමින් සිටියි.

02 Jun 2024

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 11 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; යාපනය, කදෙයිකාඩු, චුන්ඩිකුලම්, කුඩාරප්පු සහ නගර්කෝවිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයන්හි 2024 මැයි මස 31 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් එකොළොස් දෙනෙකු (11) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05), මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් එකසියයක (1100) පමණ තොගයක්, කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

01 Jun 2024

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් දකුණු මුහුදේදී ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් මුදවා ගැනීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 480 ක් පමණ (කිලෝ මීටර් 889 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී ආපදාවට ලක් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් හය දෙනෙකු (06) කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් මඟින් අද දින (2024 මැයි 31) නිරුපද්‍රිතව මුදවා ගැනීමට කටයුතු කෙරිණි.

31 May 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 617 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 02 ක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනෙයි මුහුදු ප්‍රදේශයේ 2024 මැයි මස 30 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය දහ හතකට (617) අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

31 May 2024

නාවික හමුදාව මඟින් ගාල්ල දොඩම්ගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්

අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති දොඩම්ගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2024 මැයි මස 27 වන දින ක්‍රියාත්මක කෙරිණි.

28 May 2024

අයහපත් කාලගුණික තත්වය හමුවේ ජල ගැලීමෙන් මුන්දලම ප්‍රදේශයේ පීඩාවට පත් 03 ක් නාවික හමුදාව විසින් මුදවා ගනියි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය මත ඇද හැලෙන අධික වර්ෂාපතනය හමුවේ පුත්තලම,පෙරියකඩවල වැව පිටාර ගැලීමෙන් මුන්දලම ප්‍රදේශයේ ඇති වී ඇති සුළු ජල ගැලීම් තත්වය මත පීඩාවට පත් එකම පවුලේ සාමාජිකයන් තිදෙනෙකු (03) කඩිනමින් මුදවා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2024 මැයි 20) කටයුතු කෙරිණි.

20 May 2024

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් 22 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චිය, නගර්කෝවිල් සහ කුඩාරප්පු මුහුදු ප්‍රදේශයන්හි සහ ත්‍රිකුණාමලය අඩුක්කුපාඩු මුහුදු ප්‍රදේශයේ 2024 මැයි මස 17 වන දින සිදුකල මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) සමඟ ඩිංගි යාත්‍රා හතක් (07), මුහුදු කූඩැල්ලන් ගණනින් හාරසියයක (400) පමණ තොගයක් සහ තහනම් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

18 May 2024

නැගෙනහිර මුහුදේදී ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් මුදවා ගැනීමට නාවික හමුදා සහය

කොළඹ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, මඩකලපුව ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 42 ක් පමණ (කිලෝ මීටර් 77 ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී, ආපදාවට ලක් වූ අස්වර් (ASWAR) නමැති මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් මුදවාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 මැයි මස 17 වන දින සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම මඟින්, ධීවරයින් තුන් දෙනෙකු (03) මුදවා ගත් අතර, ඉන් එක් ධීවරයෙකු (01) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවක් මඟින් ත්‍රිකුණාමලය වරාය ‍වෙතත්, අනෙක් ධීවරයින් දෙදෙනා (02) ධීවර යාත්‍රාවක් මඟින් වාලච්චේන ධීවර වරාය වෙතත් 2024 මැයි මස 17 වන දින රැගෙන ඒමට කටයුතු කෙරිණි.

18 May 2024

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 08 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; මුලතිව්, අම්බලන්පොක්කනේ ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයෙහි සහ ත්‍රීකුණාමලය පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙහි 2024 මැයි මස 16 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

17 May 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 338 ක පමණ තොගයක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ 2024 මැයි මස 15 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය තිස් අටක (338) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

16 May 2024