මෙහෙයුම් පුවත්

2025 වර්ෂයේ සිදුකල නාවික මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 75,000 කට අධික දළ විථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟ සැකකරුවන් 376ක් නීතියේ රැහැනට

මත්ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර මුදා ගැනීම වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති ‘රටම එකට’ ජාතික මෙහෙයුම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, දේශීය හා විදේශීය සමුද්‍රීය පාර්ශවකරුවන් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සමඟ සහයෝගී ප්‍රවේශයකින් කටයුතු කරමින් දිවයිනේ වෙරළ ප්‍රදේශ හා මුහුදු කලාපය ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කර ඇති අතර, ඒ යටතේ ගෙවීගිය 2025 වර්ෂයේදී නාවික හමුදාව සිදුකල මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 75,000 කට අධික දළ විථි වටිනාකමකින් යුත් හෙරෝයින්, අයිස්, හෂීස්, විදේශීය හා දේශීය කන්සා, මත්පෙති, විදේශීය දුම්වැටි සහ බීඩි කොළ විශාල තොගයක් සමඟ දේශීය සැකකරුවන් 376 දෙනෙකු නීතියේ රැහැනට හසුකර දීමට සමත් විය.

03 Jan 2026

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2026 ජනවාරි මස 01 දින රාත්‍රී කාලයේ, යාපනය කරෙයිනගර්, කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් එකොළොස් දෙනෙකු (11) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

02 Jan 2026

වෝටර් ජෙල් වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 115ක් සමඟ සැකකරුවෙකු මන්නාරමේදී නීතියේ රැහැනට ‍

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව මන්නාරම පල්ලිමුනෛ ප්‍රදේශයේ 2025 දෙසැම්බර් මස 31 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකිරීම සඳහා සන්තකයේ තබා සිටි වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු එකසිය පහළොවක (115) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

02 Jan 2026

විදේශීය දුම්වැටි 16,000 ක් සමඟ සැකකරුවන් 02ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා පොලීස් විශේෂ කාර්යය බලකාය හා එක්ව 2025 දෙසැම්බර් මස 25 සහ 29 දිනයන්හිදී කොළඹ වරායේ සහ රාගම පේරලන්ද ප්‍රදේශයේදී සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබූ සහ සන්තකයේ තබාගෙන සිටි විදේශීය දුම්වැටි දහසය දහසක (16000) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

31 Dec 2025

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 දෙසැම්බර් මස 29 දින රාත්‍රී කාලයේ, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

30 Dec 2025

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 දෙසැම්බර් මස 27 වැනි දින රාත්‍රී කාලයේ, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

29 Dec 2025

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 193ට අධික තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05ක් දකුණු දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර එකොලහක් (11) ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද උදෑසන (2025 දෙසැම්බර් 24) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, එම උර තුල අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසිය හැත්තෑ දෙකකට (172) අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් විසි එකකට (21) කට අධික තොගයක් ඇති බවට තහවුරු විය. එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද එක්විය.

25 Dec 2025

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් තලෛමන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද අළුයම් කාලයේ (2025 දෙසැම්බර් 23) තලෛමන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

24 Dec 2025

ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 02 ක්‍ නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පැවති අධික සුළං හේතුවෙන්, ත්‍රීකුණාමලය ඇතුල් වරාය මුහුදු ප්‍රදේශයේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙක් (02) ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 දෙසැම්බර් මස 15 වැනි දින සිදුකල විශේෂ මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින් නිරුපද්‍රිතව මුදාගැනීමට කටයුතු කෙරිණි.

19 Dec 2025

රුපියල් මිලියන 31කට අධික දළ වීථි වටිනාකමින් යුත් විදේශීය කංසා තොගයක් මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේ අද (2025 දෙසැම්බර් 17) උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ විදේශීය කංසා කිලෝ ග්‍රෑම් එකසිය හතලිහකට (140) අධික තොගයක් සමඟ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

18 Dec 2025