මෙහෙයුම් පුවත්

නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 26 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 දෙසැම්බර් මස 06 සිට 15 දින දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් විසිපස් දෙනෙකු (25) සමඟ ඩිංගි යාත්‍රා දහතුනක් (13) සහ යාපනය විශේෂ කාර්ය බලකාය හා එක්ව සිදුකළ මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කළ තහනම් ධීවර දැල් තිස්හයක් (36) සමඟ එක් සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

18 Dec 2025

රුපියල් මිලියන 06කට අධික දළ වීථි වටිනාකමින් යුත් විදේශීය කංසා තොගයක් යාපනය ඩෙල්ෆ්ට් දූපතේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් දූපතේ වෙල්ලියායි වෙරළ ප්‍රදේශයේ 2025 දෙසැම්බර් මස 14 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ තීරයේ සඟවා තිබූ විදේශීය කංසා කිලෝ විසි හයයි (26) ග්‍රෑම් නවසියයක (900) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

14 Dec 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලොග්‍රෑම් 1740ක තොගයක් හලාවත මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 දෙසැම්බර් මස 10 වැනි දින හලාවතට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් හත්සිය හතලිහක (1740) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

13 Dec 2025

රුපියල් මිලියනයකට අධික දළ වීථි වටිනාකමින් යුත් විදේශීය කංසා තොගයක් සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව මන්නාරම පල්ලියිමුනෙයි ප්‍රදේශයේ 2025 දෙසැම්බර් මස 10 දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, විදේශීය කංසා කිලෝ ග්‍රෑම් හයක (06) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

12 Dec 2025

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වු මුහුදේදී රෝගීව අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

‍නැගෙනහිර මුහුදේ, ත්‍රිකුණාමලය සිට නාවික සැතපුම් 16 ක් (කිමි 29ක් පමණ) දුරින් වු මුහුදේදී රෝගීව අසාධ්‍ය තත්වයට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කිරිමට නාවික හමුදාව විසින් 2025 දෙසැම්බර් මස 10 දින රාත්‍රීයේදී කටයුතු කෙරිණි.

12 Dec 2025

නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොල කිලෝග්‍රෑම් 1292ක තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම එරුක්කලම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ 2025 දෙසැම්බර් මස 14 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙනවිත් ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ බීඩි කොල කිලෝග්‍රෑම් එක්දහස් දෙසීය අනූ දෙකක (1292) පමණ තොගයක් සමඟ කැබ් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

11 Dec 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 02ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 දෙසැම්බර් මස 09 වැනි දින පුත්තලම විජයකටුපොත, 61 කණුව මාර්ග බාධකයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් පන්සිය හතලිස් දෙකක (542) පමණ තොගයක් රැගත් කැබ් රථයක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

11 Dec 2025

රුපියල් මිලියන 14 කට අධික දළ වීථි වටිනාකමින් යුත් විදේශීය කංසා තොගයක් යාපනය ඩෙල්ෆ්ට් දූපතේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් දූපතේ වෙල්ලායි වෙරල ප්‍රදේශයේ 2025 දෙසැම්බර් මස 07 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරල ප්‍රදේශයේ සඟවා තිබු විදේශීය කන්සා කිලෝ 62 ග්‍රෑම් 200 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

08 Dec 2025

කල්පිටිය මුහුදු තීරයේදී සිදුකල විශේෂ නාවික හමුදා මෙහෙයුමකින් තවත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු තීරයේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තුනක් (03) රැගත් ඩිංගි යාත්‍රාවක් සහ එහි සහය සඳහා පැමිණි සිටි තවත් ඩිංගි යාත්‍රාවක් සැකකරුවන් 04 ක් සමඟ 2025 දෙසැම්බර් 05 දින රාත්‍රියේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. මත්ද්‍රව්‍ය සහිත බවට සැක කෙරෙන උර තුන (03) අද උදෑසන (2025 දෙසැම්බර් 06) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, එම උර තුල අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 63ක‍ට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 14කට අධික තොගයක් ඇති බවට තහවුරු වූ අතර, එම මෙහෙයුම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යන්ශයේදී පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහභාගී විය.

06 Dec 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහකල විදේශීය දුම්වැටි 160,000 ක තොගයක් ඩෙල්ෆ්ට් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් දකුණු මුහුදු ප්‍රදේශයේ 2025 දෙසැම්බර් මස 03 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල විදේශීය දුම්වැටි එක්ලක්‍ෂ හැටදහසක (160,000) පමණ තොගයක් සමඟ රූපලාවණ්‍ය සහ අත් ඔරලෝසු තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

05 Dec 2025