මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ වෑන් රථයක් පුත්තලමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, පුත්තලම තිල්ලයාඩි ප්‍රදේශයේ 2025 ජුනි මස 05 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සොදිසි මෙහෙයුමකදී, නිති විරෝධි ලෙස රැගෙන ආ බවට සැක කෙරෙණ බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය අසූහයක (386) පමණ තොගයක් සමඟ වෑන් රථයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
09 Jun 2025
නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2,123ක පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, මොහොත්තුවාරම් වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව අද (2025 ජුනි 05) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් දෙදහස් එකසිය විසිතුනක (2,123) පමණ තොගයක් එම ප්‍රදේශයේ ලඳු කැලෑවක් තුල සඟවා තිබියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Jun 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 600කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, ආලංකුඩා වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව අද (2025 ජුනි 04) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසියයකට (600) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
05 Jun 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1316කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, පුනරීන් කල්මුනෙයි තුඩුව සහ සම්පකුලම් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 මැයි මස 30 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් තුන්සිය දහසයකට (1316) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
01 Jun 2025
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 26 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව කඩ්ඩයිකාඩු, කොක්කුතුඩුවායි, තිරියාය, නයාරු, මාන්කර්නී, වාලයිතොඩ්ඩම්, කුඩුඉරිප්පු, පුල්ලේයාරඩි, වවුනතිව් සහ කන්නකුඩා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 මැයි මස 20 වැනි දින සිට 25 වැනි දින දක්වා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධි පන්න ක්‍රම සහ උපකරණ භාවිතයෙන්, නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් විසි හයදෙනෙකු (26) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
29 May 2025
නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් බීඩි කොළ, කේරල ගංජා සහ අයිස් මත් ද්‍රව්‍යය සමඟ පුද්ගලයින් 06 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 මැයි මස 20 වැනි දින සිට 25 වැනි දින දක්වා කාල සීමාව තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් සහ ශ්‍රි ලංකා පොලීසිය හා එක්ව සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 252ක පමණ තොගයක් (තෙත බර සහිතව), අලෙවි කිරීමට සැලසුම් කර තිබූ කේරල ගංජා ග්‍රෑම් 12.75ක් සමඟ සැකකරුවෙකු (01) සහ අයිස් මත් ද්‍රව්‍යය ග්‍රෑම් 3, මිලි ග්‍රෑම් 155ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
29 May 2025
ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමක් මඟින් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් 11ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව; රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ කලාපීය මෙහෙයුම් සම්බන්ධීකරන මධ්‍යස්ථානය හා එක්ව සිදුකල විශේෂ එකාබද්ධ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් එකොලොස් දෙනෙකු (11) ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹූරු මුහුදේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම මත්ද්‍රව්‍ය තොගය රැගත් බහුදින ධීවර යාත්‍රා සහ සැකකරුවන් දික්ඕවිට වරාය වෙත අද (2025 මැයි 28) උදෑසන රැගෙන ආ අතර, එම අවස්ථාව නිරීක්‍ෂණය සඳහා ගරු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සමඟ නාවික හමුදාධිපති සහ වැඩබලන පොලිස්පති සහභාගී වූහ.
28 May 2025
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 36 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව මඩකලපුව කොටුවමඩ, ත්‍රීකුණාමලය සල්ලිකෝවිල්, එරක්කන්ඩි, අලියා දූපත, නන්දිකඩාල්, කල්ලඩි, පේදුරුතුඩුව සහ මුලතිව් ආලම්පිල් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 මැයි මස 10 වැනි දින සිට 19 වැනි දින දක්වා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධි පන්න ක්‍රම සහ උපකරණ භාවිතයෙන්, නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් තිස් හයදෙනෙකු (36) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
21 May 2025
නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ, විදේශීය දුම් වැටි සහ සඟවා තිබූ කොකේන් මත් ද්‍රව්‍යය නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 මැයි මස 10 වැනි දින සිට 19 වැනි දින දක්වා කාල සීමාව තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් සහ පොලිස් විශේෂ කර්ය බලකාය හා එක්ව සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 108ක පමණ තොගයක් (තෙත බර සහිතව), විදේශිය දුම්වැටි 2,600ක පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ සඟවා තිබූ කොකේන් මත් ද්‍රව්‍යය ග්‍රෑම් 732ක පමණ ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
21 May 2025
ආරුගම්බේ වෙරළ තීරයේදී සර්ෆින් ක්‍රීඩාවේ නිරතව අනතුරකට පත්ව සිටි විදේශීය සංචාරකයෙකුට ප්‍රතිකාර ලබා දීම සඳහා නාවික හමුදා සහය

පානම ආරුගම්බේ ප්‍රදේශයේ පීනට් ෆාර්ම් වෙරළ තීරයේ සර්ෆින් ක්‍රීඩාවේ නිරතව සිටියදී අනතුරට ලක්වු විදේශීය සංචාරක කාන්තාවක් වෙත මූලික ප්‍රථමාධාර ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා පානම රජයේ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව 2025 මැයි මස 15 වැනි දින සහය විය.
19 May 2025