මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 07 ක් කිලිනොච්චි ඉරණතිව් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චි ඉරණතිව් උතුරු මුහුදු ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 05 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් තුන්සිය තිස් පහක් (335), ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
07 Feb 2026
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද ඖෂධ පෙති 744500 ක තොගයක් වත්තලදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2026 පෙබරවාරි මස 02 වැනි දින වත්තල ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධීව මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබු ඖෂධ පෙති (Pregabalin Capsules) හත්ලක්‍ෂ හතලිස් හතර දහස් පන්සියයක (744500) තොගයක් රැගත් ලොරි රථයක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
06 Feb 2026
කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමඟ සැකකරුවන් 03ක් මන්නාරම නච්චිකුඩා වෙරළ ප්‍රදේශයේදි නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම නච්චිකුඩා වෙරළ ප්‍රදේශයේ 2026 ජනවාරි මස 31 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, කැස්බෑ මස් කිලෝ ග්‍රෑම් දාහතක් (17), කැස්බෑ බිත්තර ගණනින් තිස් නවයක් (39) සහ ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
02 Feb 2026
නීති විරෝධී ලෙස කැස්බෑ බිත්තර සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ත්‍රිකුණාමලය කල්ලඩිචේනයි වෙරළ ප්‍රදේශයේදි නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය කල්ලඩිචේනයි වෙරළ ප්‍රදේශයේ 2026 ජනවාරි මස 28 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස කැස්බෑ බිත්තර ගණනින් එකසිය දහ හතක් (117) සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
31 Jan 2026
නීති විරෝධි ලෙස හක් බෙල්ලන් 1158 ක් සන්තකයේ තබාගත් සැකකරුවෙක් තලෙයිමන්නාරමේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය හා එක්ව, තලෙයිමන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ 2026 ජනවාරි මස 25 වැනි දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් ගණනින් එක්දහස් එකසිය පනස් අටක (1158) තොගයක් නිවසක ගබඩා කරගෙන සිටි පුද්ගලයෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
27 Jan 2026
හම්බන්තොට නගර සභාවේ කසල බැහැර කිරිමේ අංඟනයේ ඇතිවු හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහය
හම්බන්තොට නගර සභාවේ කසල බැහැර කිරිමේ අංඟනයේ ඇතිවු හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා දකුණු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයට අයත් කණ්ඩායමක සහය ලබාදීමට 2026 ජනවාරි මස 23 දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
26 Jan 2026
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 296කට අධික තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් 11ක් දකුණු දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ගෙවී ගිය 2025 වසරේ විෂ මත්ද්‍රව්‍ය විශාල තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට දායක වු නාවික හමුදාව, ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස අඛණ්ඩව නාවික මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැකකෙරෙන දේශීය බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් එකොලොස් දෙනෙකු (11) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
26 Jan 2026
දකුණු මුහුදේදී අසාධ්‍ය වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට දකුණ දෙසින්, ගැඹුරු මුහුදේදී හදිසි අනතුරක් හේතුවෙන් අසාධ්‍ය වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් අද (2026 ජනවාරි 21) උදෑසන කටයුතු කෙරිණි.
21 Jan 2026
දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 ජනවාරි මස 20 වැනි දින රාත්‍රී කාලයේ, යාපනය කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු (07) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
21 Jan 2026
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 04 ක් යාපනය වේන්පූරිනගර් වෙරළ ප්‍රදේශයේදි නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය වේන්පූරිනගර් වෙරළ ප්‍රදේශයේ 2026 ජනවාරි මස 20 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් තුන්සිය පනස් එකක් (351) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
21 Jan 2026


