මෙහෙයුම් පුවත්
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 26 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ලංකාපටුන වෙරළ තීරයේ සහ මුලතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුනි මස 13 හා 14 යන දිනයන්හී සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකළ සහ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් විසි හය දෙනෙකු (26) සමඟ ඩිංගි යාත්‍රා නවයක් (09) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
15 Jun 2023
නාවික හමුදාව මඟින් දොඩංගොඩ සහ අගලිය පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති දොඩංගොඩ සහ අගලිය යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2023 ජුනි මස 12 වන දින ක්‍රියාත්මක කෙරිණි.
13 Jun 2023
වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බළකාය හා එක්ව ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි ප්‍රදේශයේ 2023 ජුනි මස 12 වන දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි වෝටර් ජෙල් (Water Gel) නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හතලිස් පහක් (45) සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
13 Jun 2023
තහනම් මත්පෙති 300 ක් සමඟ සැකකරුවෙකු වව්නියාවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව 2023 ජුනි මස 11 වන දින වව්නියාව, කෝවිල්කුලම් මංසන්දිය අසලදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරිම සඳහා රැගෙන යමින් තිබූ Pregabalin වර්ගයේ මත්පෙති තුන් සියයක් (300) සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.
12 Jun 2023
රුපියල් මිලියන 42 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වෙත්තලකේනි මාමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින උදෑසන (2023 ජුනි 08) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 128 කට අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
08 Jun 2023
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 18 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය වෙත්තලකේනි, කදයිකාඩු, මාමුනෙයි සහ කුඩාරප්පු ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්ගේ 2023 ජුනි මස 06 වන දින සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් නීතී වීරෝධි ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, වලංගු බලපත් රහිතව ධීවර කටයුතු සිදු කිරීම සහ බලපත් රහිතව අනුමත සීමාව ඉක්මවා කිමිදුම් උපකරණ තබා ගැනීම යන නීතිවිරෝධි කටයුතු සිදුකල පුද්ගලයින් දහ අට දෙනෙකු (18), මුහුදු කූඩැල්ලන් හයසිය හැට නවයක තොගයක් (669), ඩිංගි යාත්‍රා හයක් (06), කිමිදුම් උපකරණ හා නීති විරෝධී ධීවර ආම්පන්න සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
08 Jun 2023
වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කන්තලේ පොලිස් විශේෂ කාර්යය බළකාය හා එක්ව ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේ 2023 ජුනි මස 06 වන දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු අනූ පහක තොගයක් (95) සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
08 Jun 2023
ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුවේදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38 ක් නිරුපද්‍රිතව නාවික හමුදාව බේරාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින උදෑසන (2023 ජුනි 07) සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින්, යාපනය ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුව අසලදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් තිස් අට දෙනෙකු (38) නිරුපද්‍රිතව බේරා ගැනීමටත්, එහි ප්‍රවාහනය කරමින් තිබූ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් මුහුදුබත් වීමට නොදී ගොඩ ගැනීමටත් කටයුතු කෙරිණි.
07 Jun 2023
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 07 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුනි මස 06 වන දින දිවා කාලයේ දී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් වලංගු ධීවර බලපත්‍ර නොමැතිව නීති විරෝධී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙකු (07) සහ ඩිංගි යාත්‍රාවක් (01), කිමිදුම් උපකරණ හා නීති විරෝධී ධීවර ආම්පන්න සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
07 Jun 2023
ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට නාවික හමුදාවෙන් අඛණ්ඩව සහන සැලසීමේ මෙහෙයුම්

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ඇතිවී ඇති ජල ගැලීම් තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් පහක් (05) කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, බදුරලිය, ලත්පඳුර හා වළල්ලාවිට යන ප්‍රදේශ වෙතත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශය වෙතත් අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කල අතර, අද දින උදෑසන (2023 ජුනි 06) එම ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව කටයුතු කෙරිණි.
06 Jun 2023