මෙහෙයුම් පුවත්
රුපියල් මිලියන 69 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය වත්තිරායන් වෙරළේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව යාපනය කිලිනොච්චි වත්තිරායන් වෙරළ ප්‍රදේශයේ 2025 මාර්තු මස 04 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ කේරළ ගංජා කිලෝ එකසිය හැත්තෑ හතරයි (174) ග්‍රෑම් එකසිය විසි හයක (126) පමණ තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
04 Mar 2025
විදේශීය දුම්වැටි 3000ක් සමඟ සැකකරුවෙක් කොළඹදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ මධ්‍යම අපරාධ විමර්ෂණ කාර්යාංශය හා එක්ව 2025 මාර්තු මස 03 වැනි දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී විදේශීය දුම්වැටි තුන්දහසක (3000) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට අසුකර ගැනීමට කටයුතු කෙරිණි.
04 Mar 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 426ක් සමඟ සැකකරුවන් 03ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කරුවලකුඩා සහ සින්නඅරිච්චායි මුහුදු ප්‍රදේශයේ 2025 මාර්තු මස 03 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසීය විසි හයක (426) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02), සහ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Mar 2025
නීති විරෝධී ලෙස ඇල්ලු මුහුදු කූඩැල්ලන් 4255ක් සමඟ සැකකරුවන් 17 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කල්මුනායි තුඩුව සහ විනයාසෝදි මුහුදු ප්‍රදේශයේ 2025 මාර්තු මස 01 වැනි දින රාත්‍රි කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දහහත් දෙනෙකු (17) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් හාරදහස් දෙසිය පනස් පහක (4255) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රා හතරක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
03 Mar 2025
රුපියල් මිලියන 78 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02ක් උතුරු මුහුදේදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය අනලතිව් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ අද (2025 මාර්තු 03) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසීය අනු හතකට (197) අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
03 Mar 2025
රුපියල් මිලියන 12 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු මන්නාරම ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව මන්නාරම මරිච්චකට්ටි ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, කේරළ ගංජා කිලෝග්‍රෑම් තිස් එකකට (31) අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
03 Mar 2025
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නැගෙනහිර මුහුදේදී අසාධ්‍ය වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින්, ත්‍රීකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේදී රෝගීව අසාධ්‍ය තත්වයට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කිරිමට නාවික හමුදාව විසින් 2025 මාර්තු මස 01 වැනි දින කටයුතු කෙරිණි.
02 Mar 2025
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 07 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව කින්නියා, සින්නවේලි, සල්ලිමුනෙයි, නන්දිකඩාල් සහ වංකාලේ වෙරළ හා මුහුදු ප්‍රදේශයන්හි 2025 වර්ෂයේ පෙබරවාරි මස 19 සිට 24 දක්වා කාලය තුලදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් මසුන් ඇල්ලීම සිදුකළ සහ රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙක් (07), ධීවර යාත්‍රා දෙකක් (02), නීති විරෝධී ධීවර දැල් හැට පහක (65) තොගයක්, ඩෙටනේටර් හතරක් (04), ජෙලග්නයිට් කූරු දෙකක් (02) සහ අඟල් තුනක් (03) දිග සේවා නූල් හතරක් (04) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
28 Feb 2025
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 05 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 පෙබරවාරි මස 22 රාත්‍රී කාලයේ සහ 23 අළුයම් කාලයේ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයෙහි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) සමඟ ඉන්දීය ධීවරයින් තිස් දෙදෙනෙකු (32) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
23 Feb 2025
නාවික හමුදාව මඟින් දෙසතියක කාලයක් තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 07ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසීය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2025 පෙබරවාරි මස 03 වැනි දින සිට 19 වැනි දින දක්වා කාලය තුල සිලාවතුර, විල්පත්තුව, ත්‍රිකුණාමලය කොඩ්බේ සහ මෝදර කිඹුලා ඇල, කෝවිල පාර යන ප්‍රදේශ ආශ්‍රිතව සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, කේරළ ගංජා ගෑම් විස්සක් (20), මාවා මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් එක්දහස් පනහක් (1050) සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් විසි හයයි (26) මිලිග්‍රෑම් තුන්සිය හැත්තැ හයක (376) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් හත් දෙනෙකු (07) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
21 Feb 2025