මෙහෙයුම් පුවත්
රුපියල් මිලියන පහලොවකට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය එළුවතිව් දූපතට ඔබ්බෙන්වූ පුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන පහලොවකට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ තිස් අටයි (38) ග්‍රෑම් හත්සියයක (700) පමණ තොගයක්, 2025 ජුලි මස 12 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
13 Jul 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් 04ක් ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චිය, ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) සහ කැබ්රථ දෙකක් (02) 2025 ජුලි මස 11වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
12 Jul 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 485කට අධික තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෙයිමන්නාරම ඕල්ඩ් පියර් වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2025 ජුනි මස 29 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හාරසිය අසූපහකට (485) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
07 Jul 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කෘමිනාශක ද්‍රව්‍ය හා බීජ තොගයක් පුත්තලම සහ කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගිය දෙසතිය තුල (2025 ජුනි 20 සිට ජුනි 30 දක්වා) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කෘමිනාශක ද්‍රව්‍ය හා බීජ තොගයක් සමඟ ලොරි රථයක් (01), සහ නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කල කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
07 Jul 2025
දේශීය ජල තීරය තුල නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 31 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගිය දෙසතිය තුල (2025 ජුනි 20 සිට ජුනි 30 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් සහ පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයන් තිස් එකක් (31) සමඟ ඩිංගි යාත්‍රා හයක් (06) නාවික හමුදා භරයට ගැනීමට කටයුතු කෙරිණි.
07 Jul 2025
ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල සාර්ථක සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුමකින් ආපදාවටපත් ඉන්දීය ධීවරයින් පිරිසක් නිරුපද්‍රිතව මුදාගනියි
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ලද තොරතුරකට අනුව එහි සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍ෂණිකව ක්‍රියාත්මක කරන ලද සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින්වූ මුහුදේ දී ආපදාවට පත්ව ක්‍රියාවිරහිතව තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු (04) නිරුපද්‍රිතව මුදා ගැනීමට 2025 ජුලි මස 06 වැනි දින කටයුතු කෙරිණි.
07 Jul 2025
අනුමත සීමාව ඉක්මවා නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 02 ක් කල්පිටිය කල්ලඩි මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, කල්ලඩි මුහුදු ප්‍රදේශයේ 2025 ජුලි මස 05 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් බලපත්‍රයේ සඳහන් සීමාව ඉක්මවා (කිලෝ ග්‍රෑම් 250) නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් හයසිය හැත්තෑතුනක (673) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Jul 2025
රුපියල් මිලියන 16කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් යාපනය මාමුණෛ ප්‍රදේශයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව පොලීසිය හා එක්ව යාපනය මාමුණෛ ප්‍රදේශයේ, අද (2025 ජුලි 04) අළුයම් කාලයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 16කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ හැත්තෑ එකයි (71) ග්‍රෑම් හාරසියයක (400) පමණ තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
04 Jul 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් 91ක් සහ පාවහන් තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය බත්තලන්ගුංඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන ලද, වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් අනූ එකක් (91) (තෙත බර සහිත) සහ පාවහන් යුගල් දෙසීය තිස්අටක (238) තොගයක්, 2025 ජුලි මස 03 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Jul 2025
රුපියල් මිලියන 202 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් 03ක් වෙන්නප්පුවේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව, වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේ 2025 ජුලි මස 02 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ කංසා කිලෝ ග්‍රෑම් නව සියයකට (900) අධික තොගයක් සමඟ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවි දෙකක් (02), මැගසින් හතරක් (04), ජීවි උණ්ඩ හතලිහක් (40) ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් (01) සහ එම ජාවාරමට සම්බන්ධ මෝටර් රථයක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.
03 Jul 2025


