මෙහෙයුම් පුවත්

නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 15 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් යාපනය පේදුරුතුඩුව, අම්පන් සහ චුන්ඩිකුලම් යන මුහුදු ප්‍රදේශයන්හි අද (2022 ඔක්තෝබර් 13) අළුයම සහ 2022 ඔක්තෝබර් මස 11 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු කරමින් සහ තහනම් ධිවර දැලක් භාවිතා කරමින් නීති වි‍රෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් පහළොස් දෙනෙකු (15) කිමිදුම් උපකරණ සහ තහනම් ධීවර දැලක් සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

13 Oct 2022

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය පාරමුනෛයි මුහුදු ප්‍රදේශයේ 2022 ඔක්තෝබර් මස 07 වන දින උදෑසන සිදුකල මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ 427 කට අධික (‍තෙත බර සහිත) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

08 Oct 2022

කල්පිටිය මුහුදේදී ආපදාවට පත් යාත්‍රාවක සිටි දේශීය සංචාරකයන් 38 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදවා ගැනේ

කල්පිටිය සිට බත්තලංගුණ්ඩුව දුපත වෙත දේශිය සංචාරකයන් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් සිටියදී, මුහුදු ජලය කාන්දුවීම හේතුවෙන් ආපදාවට පත් වූ ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් තිස් අට දෙනෙකු (38) නිරුපද්‍රිතව මුදවා ගැනීම‍ට ශ්‍රි ලංකා නාවික හමුදාව අද (2022 ඔක්තෝබර් 01) පස්වරුවේ කටයුතු කරන ලදි.

02 Oct 2022

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 07 ක් තලෛමන්නාරමේදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 28 වන දින පස්වරුවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

29 Sep 2022

කාර්මික දෝෂයක් හේතුවෙන් මෙරට මුහුදු සීමාවට පාවී ආ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදාව මඟින් ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදෙයි

කාර්මික දෝෂයක් හේතුවෙන් එන්ජින් යන්ත්‍රය අක්‍රීයවී මෙරට මුහුදු සීමාවට පාවී ආ ඉන්දීය ධීවර යාත්‍රාවක් පේදුරුතුඩුව සිට නාවික සැතපුම් 26 ක් (කි‍ලෝමිටර් 48 ක් පමණ) දුර උතුරු මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් නිරීක්‍ෂණය කර, එම යාත්‍රාවට අවශ්‍ය මානුෂීය ආධාර ලබාදී ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත ඇදගෙන ගොස්, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ඇනී බෙසන්ට් (ICGS Annie Besant) නෞකාව වෙත භාරදීමට අද (2022 සැප්තැම්බර් 28) උදෑසන නාවික හමුදාව විසින් කටයුතු කරන ලදි.

28 Sep 2022

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 06 ක් තලෛමන්නාරමේදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 27 වන දින උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

28 Sep 2022

තොටලඟ ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහාය

තොටලඟ කජීමාවත්ත ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 27 වන දින රාත්‍රියේ ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා ගින්න පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම් දෙකක (02) සහය ලබාදීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

28 Sep 2022

රුපියල් මිලියන 46 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නොරොච්චෝලය ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව නොරොච්චෝලය, ඉලංතඩිය ප්‍රදේශයේ අද (2022 සැප්තැම්බර් 23) දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 155 කට අධික තොගයක් සහ මෝටර් රථ දෙකක් (02) , යතුරු පැදි දෙකක් (02) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02), නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

23 Sep 2022

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 12 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම ඕලුතුඩුවායි වෙරළ තීරයේ 2022 සැප්තැම්බර් 22 වන දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

23 Sep 2022

මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ත්‍රීකුණාමලය ෆවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 65 ක් පමණ (කිලෝ මීටර් 120 ක් පමණ) ඊසාන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව අද (2022 සැප්තැම්බර් 23) දින අළුයම කටයුතු කරන ලදී.

23 Sep 2022