සේවා වනිතා ඒකකය විසින් අභිනවයෙන් ඉදිකළ යෝගට් ව්‍යාපෘතිය විවෘත කෙරේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අලුතින් ඉදිකරන ලද යෝගට් ව්‍යාපෘතිය අද (19) උදෑසන, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි.

19 Dec 2016

66 වන නාවික හමුදා දිනයට සමගාමීව විශේෂ වන්දනා චාරිකා සංවිධානය කෙරේ
 

66 වන නාවික හමුදා දිනය නිමිතිකොට ගෙන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි යමුනා විජේගුණරත්න මැතිණියගේ සංකල්පයකට අනුව නැගෙනහිර, දකුණ සහ බටහිර නාවික විධානය ආවරණය වන පරිදි එම විධානයන්ට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වන්දනා චාරිකාවන් සංවිධානය කරන ලදි.

11 Dec 2016

නාවික පෙරපාසල් හි වාර්ෂික විවිධ ප්‍රසංගය කොළඹ දී පැවැත්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසල්හි දරු දැරියන්ගේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පසුගිය 6 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

08 Dec 2016

ගාලු කතිකාව 2016 ට සමගාමීව සේවා වනිතාවෝ වැඩසටහන් කීපයක් පවත්වයි
 

ගාලු කතිකාව 2016 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ මෙම මස 28 සහ 29 යන දෙදින විශේෂ වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කරන ලදී.

30 Nov 2016

නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ බිරින්දෑවරුන් වෙනුවෙන් ඇරඹූ රූපලාවන්‍ය පාඨමාලාවේ දෙවන අධියර ත්‍රිකුණාමලයේදී
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් අනුව ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට, රූපලාවන්‍ය පාඨමාලාවන් පැවැත් වීමේ දෙවන අධියර 2016 ඔක්තෝබර් මස 30 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේදී ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

03 Nov 2016

නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට රූපලාවන්‍ය පාඨමාලාවක්
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් අනුව ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට, රූපලාවන්‍ය පාඨමාලාවක් 2016 ඔක්තෝබර් මස 25 වන දින වැලිසර දී ආරම්භ කෙරුණි.

27 Oct 2016

සේවා වනිතාවෝ ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය නිමිත්තෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරති
 

ඔක්තෝබර් මස 1 වන දිනට යෙදී තිබූ ලෝක ළමා සහ වැඩිහිටි දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ සේවා වනිතා ඒකකය විසින් වැඩසටහන් රාශියක් සංවිධානය කර ක්‍රියාත්මක කරන ලදී.

03 Oct 2016

ලෝක ළමා දිනයට සමගාමීව නාවික පෙර පාසල්වල දූ දරුවන් වෙනුවෙන් පරිසරය සුරැකීමේ වැඩසටහනක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී යමුනා විජේගුණරත්න මැතිණියගේ සංකල්පයකට අනුව, නාවික පෙරපාසල් හි කුඩා දරුවන් වෙනුවෙන් පරිසරය සුරකීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් අද (30) උදෑසන පවත් වන ලදී.

29 Sep 2016

සේවා වනිතා ඒකකය විසින් විශේෂඥ වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මිය‍ගේ සංකල්පයකට අනුව ඊයේ (8) නාවික මහ රෝහල වැලිසර දී සේවා වානිතා සාමාජිකාවන්ට සහ නිලධාරීන්ගේ ළමුන්ගේ සංගමයේ සාමාජික සමාජිකාවන් හට දෙවන වරටත් වෛද්‍ය සායනයක් පැවැත්විණි.

09 Sep 2016

සේවා වනිතාවෝ නාවික පෙරපාසල් හි තුන්වන වාරය ආරම්භ කිරීමට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු, තිස්ස සහ දක්ෂිණ යන ආයතනයන්හි පිහිටි නාවික පෙරපාසල් හි තුන්වන වාරය ඊයේ (29) උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී.

30 Aug 2016