සේවා වනිතාවෝ විශේෂ වැඩසටහන් කිහිපයක් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මිය වෙනුවෙන් සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් ලෙස කටයුතු කරනු ලබන ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ බිරින්දෑවරුන් විසින් තේ පැන් සංග්‍රහයයක් ඊයේ (20) ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ සංගීත ශාලාවේදි පවත්වන ලදි.
21 Jan 2017
රූපලාවන්‍ය පාඨමාලාව හැදෑරූ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට සහතික පත් ප්‍රදානය කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් අනුව, ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට, රූපලාවන්‍ය පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීමට කටයුතු කෙරිණි.
17 Jan 2017
සේවා වනිතාවෝ පෙර පාසල් දරු දැරියන් හට නොමිලේ නිල ඇදුම් ලබා දෙයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මග පෙන්වීම යටතේ, සේවා වනිතා පෙර පාසල්හි 2017 වර්ෂය සඳහා අලුතින් බඳවා ගත් දරු දැරියන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් සියළුදෙනා හට නොමිලේ පෙර පාසල් නිල ඇදුම් ලබා දීම ඊයේ (5) සහ අද (6) යන දෙදින තුළ සිදු කෙරිණි.
06 Jan 2017
සේවා වනිතාවෝ මුල්ලේරියාව මානසික රෝහලේ රෝගින්ගේ සුවදුක් විමසති

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් සිදු කරනු ලබන සමාජ සත්කාරක වැඩසටහන්හි තවත් එක් අංගයක් ලෙස, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මගපෙන්විම යටතේ එතුමිය ඇතුළු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් පිරිසක් අද (3) මුල්ලේරියාව මානසික රෝහලේ වාට්ටු අංක 7 හි නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසීම සඳහා එක්විය.
03 Jan 2017
සේවා වනිතා ඒකකය විසින් අභිනවයෙන් ඉදිකළ යෝගට් ව්‍යාපෘතිය විවෘත කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අලුතින් ඉදිකරන ලද යෝගට් ව්‍යාපෘතිය අද (19) උදෑසන, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි.
19 Dec 2016
66 වන නාවික හමුදා දිනයට සමගාමීව විශේෂ වන්දනා චාරිකා සංවිධානය කෙරේ

66 වන නාවික හමුදා දිනය නිමිතිකොට ගෙන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි යමුනා විජේගුණරත්න මැතිණියගේ සංකල්පයකට අනුව නැගෙනහිර, දකුණ සහ බටහිර නාවික විධානය ආවරණය වන පරිදි එම විධානයන්ට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වන්දනා චාරිකාවන් සංවිධානය කරන ලදි.
11 Dec 2016
නාවික පෙරපාසල් හි වාර්ෂික විවිධ ප්‍රසංගය කොළඹ දී පැවැත්වෙයි

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසල්හි දරු දැරියන්ගේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පසුගිය 6 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
08 Dec 2016
ගාලු කතිකාව 2016 ට සමගාමීව සේවා වනිතාවෝ වැඩසටහන් කීපයක් පවත්වයි

ගාලු කතිකාව 2016 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ මෙම මස 28 සහ 29 යන දෙදින විශේෂ වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කරන ලදී.
30 Nov 2016
නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ බිරින්දෑවරුන් වෙනුවෙන් ඇරඹූ රූපලාවන්‍ය පාඨමාලාවේ දෙවන අධියර ත්‍රිකුණාමලයේදී

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් අනුව ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට, රූපලාවන්‍ය පාඨමාලාවන් පැවැත් වීමේ දෙවන අධියර 2016 ඔක්තෝබර් මස 30 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේදී ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
03 Nov 2016
නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට රූපලාවන්‍ය පාඨමාලාවක්

27 Oct 2016