රියර් අද්මිරාල් ධම්මික කුමාර වෙත නාවික ක්‍ෂේත්‍රයේ විශිෂ්ඨත්වය උදෙසා පිරිනැමෙන ගෞරවනීය ‘Order of Maritime Merit’ සම්මානය පිරිනමයි
නාවික ක්‍ෂේත්‍රය වෙනුවෙන් සිදුකළ මෙහෙවර සහ වෘත්තීය විශිෂ්ඨත්වය ඇගයීමට ලක් කරමින් ප්‍රංශ රජය මඟින් පිරිනමනු ලබන ‘Order of Maritime Merit’ ගෞරවනීය සම්මානය, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල් ධම්මික කුමාර වෙත පිරිනැමීම, 2026 අගෝස්තු මස 31 වැනි දින කොළඹ, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේදි සිදුකෙරිණි.
සමුද්‍රීය අංශයේ උන්නතිය උදෙසා කැපී පෙනෙන සේවාවක් ඉටුකළ සහ නාවික ක්‍ෂේත්‍රයේ වෘත්තීය නිපුණතාව විදහා දැක්වූ විශිෂ්ඨයන් වෙත මෙම සම්මානය පිරිනැමීම 1930 වර්ෂයේදි ආරම්භවී ඇත. ඒ අනුව, නාවික අධ්‍යන ක්‍ෂේත්‍රයේ ප්‍රගතිය, කලාපීය සමුද්‍රීය සහයෝගීතාව මෙන්ම ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් රියර් අද්මිරාල් ධම්මික කුමාර දැක්වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති විසින් මෙම ගෞරවනීය සම්මානය සඳහා රියර් අද්මිරාල් ධම්මික කුමාර නම් කර ඇත.
තවද, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය හොබවමින්, ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර ඒකාබද්ධ මුලපිරීමක් ලෙස 2024 වසරේදී ආරම්භ කරන ලද කලාපීය සමුද්‍රීය අධ්‍යයන මධ්‍යස්ථානය (Regional Centre for Maritime Studies - RCMS) ස්ථාපිත කිරීම සහ සංවර්ධනය වෙනුවෙන් රියර් අද්මිරාල් ධම්මික කුමාරගේ දායකත්වය එහිදී විශේෂ ඇගයීමට ලක්විය.













