නාවික හමුදාධිපති නිල හමුවක් සඳහා ගරු අග්‍රාමාත්‍යතුමිය බැහැදකියි
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, නිල හමුවක් සඳහා අද දින (2026 ජූලි 16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය බැහැදැකීය.
සම්ප්‍රදායානුකූලව පැවති මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාධිපති ලෙස පත්වීම නිමිත්තෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය විසින් නාවික හමුදාධිපති වෙත සිය සුභාශිංසන පළ කළාය. අනතුරුව, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ රටේ සමුද්‍රීය ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉටුකරනු ලබන කාර්යභාරය පිළිබඳව දෙපාර්ශ්වය අතර සුහද හා ඵලදායී අදහස් හුවමාරුවක් ද සිදු විය.
තවද, මෙම නිල හමුවීම සනිටුහන් කරමින්, නාවික හමුදාධිපති විසින් ගරු අග්‍රාමාත්‍යතුමිය වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද එහිදී සිදු කෙරිණි.
ඡායාරූප අනුග්‍රහය - අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය













