EVENT NEWS 2026

නව නාවික හමුදාපති ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

01 Jul 2026

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද (ජූලි 01) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු විය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපති ලෙස වැඩභාර ගැනීමෙන් පසු, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ආරක්‍ෂක ලේකම්වරයා නිල වශයෙන් හමු වූ පළමු අවස්ථාව මෙයයි.

මෙහිදී, නව නාවික හමුදාපතිවරයා පිළිගත් ආරක්‍ෂක ලේකම්වරයා, එතුමාගේ නව පත්වීම වෙනුවෙන් සිය සුබපැතුම් පිරිනැමීය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් විශිෂ්ටත්වය සහ සම්ප්‍රදායන් තවදුරටත් ඉදිරියට ගෙනයමින්, උසස් වෘත්තීයභාවය, කැපවීම සහ උපායමාර්ගික දැක්මකින් යුතුව නාවික හමුදාව මෙහෙයවීමට නව නාවික හමුදාපතිවරයාට ඇති හැකියාව පිළිබඳවද ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී දැඩි විශ්වාසය පළ කළේය.

වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ඉකුත් ජූනි 30 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම්, ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගන්නා ලදී.

මාධ්‍ය අනුග්‍රහය - www.defence.lk

Accessibility Tools