ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය (e-GP) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්
නාවික හමුදාධිපති කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිද භාවය, කාර්යක්‍ෂමතාව සහ වගවීම තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය (e-GP) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් රාජ්‍ය මුදල් අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුවට අනුබද්ධ e-GP ක්‍රියාත්මක කිරීමේ සහ ධාරිතා සංවර්ධන විශේෂඥයින්ගේ සම්පත් දායකත්වයෙන්, 2026 ජුනි මස 18 වන දින නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
එහිදී, නාවික හමුදාධිපති විසින් නාවික හමුදාව තුල රජයේ ඩිජිටල් පරිවර්තන වැඩපිළිවෙළට සමඟාමීව රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය (e-GP) භාවිතයට ගැනීමේ වැදගත්කම අවධාරණය කරන ලදි. තවද, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තුෂාර සෙනේවීර හා ආසියානු සංවර්ධන බැංකුවට අනුබද්ධ රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ සහ ධාරිතා සංවර්ධන විශේෂඥ උපදේශක චාමිකර රණතුංග යන මහත්වරු විසින් විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම, එහි වාසි සහ අනාගත සංවර්ධන දිශානතීන් පිළිබඳව දේශන පවත්වන ලදි.
මෙහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව කෙටි කාලයක් තුළ විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක කිරීම තුළින් ලබා ඇති ප්‍රගතිය රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් හා ආසියානු සංවර්ධන බැංකුවට අනුබද්ධ රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ සහ ධාරිතා සංවර්ධන විශේෂඥ උපදේශකයින් විසින් අගය කරන ලද අතර, එය අනෙකුත් රාජ්‍ය ආයතන සඳහා ද ආදර්ශයක් වී ඇති බව සඳහන් කළහ. එමෙන්ම දේශනය අවසානයේදී රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය (e-GP) සම්බන්ධව පැන නැගී ඇති ගැටළු නිරාකරණය සඳහාද අවස්ථාව සැලසිනි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ සහභාගී වූහ.













