Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

නාවික හමුදාධිපති ත්‍රිකුණාමලය නාවික තටාකංගනයේ නිල සංචාරයක නිරත වෙයි

27 May 2026

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2026 මැයි මස 23 වැනි දින ත්‍රිකුණාමලය නාවික තටාකංගනයේ නිල සංචාරයක නිරත වෙමින්, නාවික මෙහෙයුම්, පුහුණු හා සුභසාධන කටයුතු මෙන්ම නාවික පුද්ගලයන්ගේ සේවා හා නේවාසික පහසුකම් පිළිබඳව සොයා බැලීම සම්බන්ධයෙන් නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ඇතුළු එම විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමඟ නාවික හා සාගරික විද්‍යාපීඨය, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු සහ නැගෙනහිර නාවික රෝහලෙහි නිරීක්‍ෂණ සංචාරය සිදුකරන ලදී.

මෙහිදී, නාවික මෙහෙයුම් සූදානම, පුහුණු ක්‍රියාවලියේ ගුණාත්මකභාවය, සෞඛ්‍ය හා සුභසාධන සේවා, නාවික පුද්ගලයන් සඳහා සපයනු ලබන නේවාසික සහ පරිපාලන පහසුකම් නිරීක්‍ෂණය කර, එම කටයුතු වඩාත් කාර්යක්ෂම හා උසස් මට්ටමින් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් සහ මාර්ගෝපදේශ ලබා දීමටද කටයුතු කෙරිණි.

Accessibility Tools