Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

උතුරු නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයන්ගේ නේවාසික පහසුකම් පුළුල් කෙරේ

28 May 2026

නාවික හමුදා පුද්ගලයින්ගේ නවාතැන් පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින්, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ අභිනවයෙන් ඉදිකළ හා නවීකරණය කරන ලද නිවාස පරිශ්‍රය හා නවාතැන් පහසුකම් ගොඩනැගිල්ල විවෘත කිරීම, 2026 මැයි මස 26 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ සිවිල් ඉංජිනේරු, විදුලි හා විද්‍යුත් ඉංජිනේරු සහ ඉංජිනේරු දෙපාර්තමේන්තුවල තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වය මෙන්ම ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ ශ්‍රම දායකත්වය යටතේ නවීකරණය කරන ලද නිලධාරී නවාතැන් පහසුකම් ගොඩනැගිල්ල සහ අභිනවයෙන් ඉදිකරන ලද කාන්තා නාවික නිවාස පරිශ්‍ර ගොඩනැගිල්ල නාවික හමුදාධිපති විසින් විවෘත කරන ලදි. ඉන් අනතුරුව, ඒ සඳහා කැපවීමෙන් දායකත්වය ලබාදුන් සියළුම නාවික හමුදා පුද්ගලයින් ඇගයීමට ලක් කිරීමද නාවික හමුදාධිපති විසින් එහිදී සිදු කරන ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රතිපත්ති හා සැලසුම්, අධ්‍යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු, උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති ඇතුළු උතුරු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවික පුද්ගලයින් රැසක් සහභාගී වී සිටියහ. එමෙන්ම, මෙම නවීකරණ හා ඉදිකිරීම් ව්‍යාපෘති මඟින් නාවික හමුදා පුද්ගලයින්ගේ සුභසාධනය සහ නවාතැන් පහසුකම් තවදුරටත් වර්ධනය කිරීමට මහත් උපකාරයක් වනු ඇත.

Accessibility Tools