ඩෙල්ෆ්ට් මහා විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනයට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක වැඩසටහන යටතේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ඇමරිකා එක්සත් ජනපද නැගෙනහිර වෙරළ ආදි ශිෂ්‍ය පදනමේ (Royal College Old Boys’ East Coast Foundation, USA- RCOBEC) මුල්‍ය දායකත්වයෙන්, යාපනය ඩෙල්ෆ්ට් මහා විද්‍යාලයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය අද දින (2026 නොවැම්බර් 06) ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් නදුන් රණවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම ව්‍යාපෘතිය යටතේ පාසලේ සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වඩාත් පහසු හා විධිමත් අයුරින් පවත්වාගෙන යාම සඳහා නව පන්ති කාමර දෙකක් ඉදිකිරීමටත්, පාසලේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමටත් අපේක්ෂිත අතර, මෙම සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය සම්පූර්ණ තාක්ෂණික සහ ශිල්පීය දායකත්වය උතුරු නාවික විධානයට අයත් කපිතාන් සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව මඟින් ලබාදීමට නියමිතව ඇත.
තවද, උතුරේ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීමේ ප්රමුඛ වගකීම ඉටුකිරීමට සමඟාමීව, දූපත් ආශ්රිත ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැපවීම අවධාරණය කෙරුණු මෙම අවස්ථාව සඳහා, ඩෙල්ෆ්ට් දූපතේ ප්‍රධාන ආගමික පූජක ප්‍රසාදීන්, ඩෙල්ෆ්ට් මහා විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන්, දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වූහ.













