නාවික හමුදාවේ සම්පත් දායකත්වයෙන් ප්‍රථමාධාර පිලිබඳ ධීවර ප්‍රජාව බලගැන්වීමේ පුහුණු වැඩසටහනක් කිරින්ද ධීවර වරායේදී
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව පවත්වනු ලබන ප්‍රථමාධාර පිලිබඳ ධීවර ප්‍රජාව බලගැන්වීමේ පුහුණු වැඩසටහන් මාලාවෙහි, තවත් එක් පුහුණු වැඩසටහනක් දකුණු නාවික විධානයේ වෛද්‍ය කාර්යය මණ්ඩලයේ සම්පත් දායකත්වයෙන්, අද දින (2026 ඔක්තෝබර් 07) කිරින්ද ධීවර වරාය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
ඒ අනුව, මූලික ජීවන ආධාරක පිළිබඳව (Base Life Supports) හා මානසික යහපැවැත්ම මෙන්ම, මුහුදේදී ධීවර ප්‍රජාව වෙත සිදුවිය හැකි අනතුරු හා ප්‍රථිකාර සඳහා ගොඩබිමට පැමිණෙන තෙක් හෝ වෛද්‍ය සහාය ලැබෙන තෙක් රෝගියා වෙත මූලික ප්‍රථමාධාර ලබාදීම හා එම අවස්ථාව කළමණාකරණය කර ගැනීම සම්බන්ධයෙන් න්‍යායිකව හා ප්‍රායෝගිකව ධීවර ප්‍රජාව දැනුවත් කිරීම මෙම ප්‍රථමාධාර පිලිබඳ පුහුණු වැඩමුළුව තුලදී සිදු කෙරණු අතර, සහභාගී වූ ධිවරයින් දිරිමත් කිරීම සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමද සිදුකෙරිණි.













