EVENT NEWS › 2026

බාලි ක්‍රියාවලියේ නියෝජිත පිරිසක් කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානයේ සංචාරයක

22 Oct 2026

2026 බාලි ක්‍රියාවලියේ (Bali Process - 2026) රැස්වීම් සඳහා සහභාගී වන විදේශීය නියෝජිතයින් වෙනුවෙන් ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය විසින්, බාලි ක්‍රියාවලිය සහ ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය එක්ව සංවිධානය කළ ස්ථානීය නිරීක්ෂණ චාරිකා වැඩසටහනකට සමඟාමීව, විදේශීය නියෝජිත පිරිසක් අද දින (2026 ඔක්තෝබර් 22) කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය.

සමුද්‍රීය වසම් පිළිබඳ දැනුවත්භාවය සහ තොරතුරු විශ්ලේෂණ කටයුතු සම්බන්ධයෙන් කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානයේ කාර්යභාරය, වගකීම් සහ මෙහෙයුම් ක්‍රියාකාරකම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ අරමුණෙන් සිදුකෙරුණු මෙම සංචාරයේදී, සමුද්‍රීය වසම් පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම, තොරතුරු හුවමාරුව සහ අන්තර් ආයතනික සම්බන්ධීකරණය සඳහා එම මධ්‍යස්ථානය ලබා දෙන දායකත්වය පිළිබඳව එම නියෝජිත පිරිස දැනුවත් කිරීම, කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානයේ අණභාර නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් චතුර රණසිංහ සහ කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ අණභාර නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් තරිඳු බණ්ඩාර විසින් සිදුකරනු ලැබීය.

එමෙන්ම, මිනිස් ජාවාරම, පුද්ගලයන් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීම සහ අක්‍රමවත් සංක්‍රමණය පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට ද මෙම සංචාරය අවස්ථාව සලසා දුන් අතර, ඉන්දියානු සාගර කලාපය සහ පුළුල් ආසියා පැසිෆික් කලාපය තුළ පවතින පොදු සමුද්‍රීය ආරක්ෂක හා මානව ආරක්ෂක අභියෝග වෙත මුහුණ දීම සඳහා කලාපීය සහයෝගීතාවයේ සහ තොරතුරු හුවමාරුවේ වැදගත්කමද එහිදී අවධාරණය කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජල ශාස්ත්‍රීය මෙහෙයුම්, කපිතාන් හරින්ද දීශන නාවික හමුදා පාර්ශවය නියෝජනය කරමින් සහභාගී විය.

Accessibility Tools