EVENT NEWS › 2026

'දිට්වා' සුළි කුණාටුවෙන් හානියට පත් නැගෙනහිර නාවික විධානයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කෙරේ

31 Oct 2026

'දිට්වා' සුළි කුනාටුව හේතුවෙන් හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සඳහා රජය විසින් ක්‍රියාවට නංවා ඇති විශේෂ ව්‍යාපෘතිය යටතේ, නැගෙනහිර නාවික විධානයේ සිදුකෙරෙන යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමට සමඟාමීව, 'දිට්වා' සුළි කුනාටුව හේතුවෙන් හානියට පත් ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනයේ නිලධාරී නිවාසය වෙනුවට නව නිලධාරී නිවාසයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම, 2026 ඔක්තෝබර් මස 30 වැනි දින, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඒ අනුව, ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් නැගෙනහිර නාවික විධානයේ හානි වූ ගොඩනැගිලි සහ යටිතල පහසුකම්, රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන මත ඉදිකෙරෙන මෙම නව නිලධාරි නිවාසය මඟින්, රන්වැලි ආයතනයේ නිලධාරීන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු චමින්ද ගුණරත්න ඇතුළු නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් චමීර රණවීර ඇතුළු නාවික හමුදා පුද්ගලයන් පිරිසක් එක් වූහ.

Accessibility Tools