EVENT NEWS › 2026

නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වයෙන් ත්‍රීකුණාමලය, මූතූර් මුස්ලීම් බාලිකා විද්‍යාලය අළුත්වැඩියා ‍කරයි

01 Oct 2026

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ, කොළඹ රාජකීය විද්‍යාලීය ඇමරිකා එක්සත් ජනපද නැගෙනහිර වෙරළ ආදි ශිෂ්‍ය පදනමේ මූල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් මුස්ලීම් බාලිකා විද්‍යාලයේ අළුත්වැඩියා කෙරුණු ගොඩනැගිලි හා පහසුකම් සිසු අයිතියට පත් කිරීම අද දින (2026 ඔක්තෝබර් 01) සිදු කෙරිණි.

ඒ අනුව, කොළඹ රාජකීය විද්‍යාලීය ඇමරිකා එක්සත් ජනපද නැගෙනහිර වෙරළ ආදි ශිෂ්‍ය පදනමේ මූල්‍ය දායකත්වයෙන් සහ නැගෙනහිර නාවික විධානයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, මූතූර් මුස්ලීම් බාලිකා විද්‍යාලයේ අළුත්වැඩියා කෙරුණු පංති කාමර ගොඩනැගිලි සහ සනීපාරක්‍ෂක පහසුකම් මෙලෙස සිසු අයිතියට පත් කිරීම, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ආඥාපති සහ වැඩ බලන නාවික අණභාර නිලධාරී ත්‍රිකුණාමලය (දකුණ), කපිතාන් රවිඳු හරිස්චන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් සහ එම විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරුභවතුන් හා සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණි.

Accessibility Tools