ශ්‍රී ලංකා නාවික නෞකා හංසයා නෞකාවේ අභිනව අණදෙන නිලධාරි වැඩ භාර ගනියි
ශ්‍රී ලංකා නාවික නෞකා හංසයා නෞකාවේ අභිනව අණදෙන නිලධාරී ලෙස පත් කෙරුණු ලුතිනන් කොමාණ්ඩර් නුවන් චතුරංග, අද දින (2026 ඔක්තෝබර් 02) නිකල්සන්කෝ ජැටිය පරිශ්‍රයේදී එම නෞකාවේ අණදෙන නිලධාරි ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව අභිනව අණදෙන නිලධාරි ශ්‍රී ලංකා නාවික නෞකා හංසයා නෞකාව වෙත පිළිගැනීමෙන් පසුව, එම නෞකාවේ අණදෙන නිලධාරී ධූරය හෙබවූ ලුතිනන් කොමාණ්ඩර් කසුන් ප්‍රදීප් විසින් නිල වශයෙන් අභිනව අණදෙන නිලධාරී වෙත රාජකාරී භාරදීම සිදු කෙරුණු අතර, ධජ නිලධාරී නාවික දියත් විධානය නියෝජනය කරමින් එම අවස්ථාව සඳහා කපිතාන් මුහුදු පුහුණු, කපිතාන් පීවිටී මහේෂ් සහභාගි විය.
1987 වර්ෂයේ දෙසැම්බර් මස 20 වැනි දින අධිකාරියට පත් ශ්‍රී ලංකා නාවික නෞකා හංසයා නෞකාව, එතැන් සිට නාවික හමුදා නෞකා බලඇණියට අනුයුක්තව මෙහෙයුම් සඳහා අඛණ්ඩව දායක වෙයි.













