EVENT NEWS › 2026

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජිතයින්ගෙන් සමන්විත දූත පිරිසක් බටහිර නාවික විධානයේ ආඥාපති සමඟ නිල හමුවක්

23 Oct 2026

එක්සත් ජනපද පැසිෆික් කලාපීය අභ්‍යවකාශ බළකායේ (U.S. Space Forces Pacific - SPACEPAC) ආරක්‍ෂක සහයෝගිතා අංශයේ ප්‍රධානී Lieutenant Colonel Shumpei Fujimura ඇතුළු ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිසක් නිල හමුවක් සඳහා අද දින (2026 ඔක්තෝබර් 23) බටහිර නාවික විධාන මූලස්ථානයේදි, එම විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා හමු විය.

ඒ අනුව, අභ්‍යවකාශ වපසරිය පිළිබඳව දැනුවත්භාවය හා හමුදා සබඳතා ශක්තිමත් කිරීම සහ අභ්‍යවකාශ සහයෝගීතාවය සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව මෙම නිල හමුවේදි, බටහිර නාවික විධානයේ ආඥාපති සහ එක්සත් ජනපද දූත පිරිස අතර අදහස් හුවමාරු කර ගනු ලැබූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරනු ලැබීය.

Accessibility Tools