EVENT NEWS › 2026

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජිතයින්ගෙන් සමන්විත දූත පිරිසක් නිල හමුවක් සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

19 Oct 2026

එක්සත් ජනපද පැසිෆික් කලාපීය අභ්‍යවකාශ බළකායේ (U.S. Space Forces Pacific - SPACEPAC) ආරක්‍ෂක සහයෝගිතා අංශයේ ප්‍රධානී Lieutenant Colonel Shumpei Fujimura ඇතුළු ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිසක් නිල හමුවක් සඳහා අද දින (2026 ඔක්තෝබර් 19) නාවික හමුදා මූලස්ථානයේදි නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා හමු විය.

ඒ අනුව, අභ්‍යවකාශ වපසරිය පිළිබඳව දැනුවත්භාවය වර්ධනය කිරීම, හමුදා සබඳතා වර්ධනය කිරීම සහ අභ්‍යවකාශ සහයෝගීතාවය සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව මෙම නිල හමුවේදි, අදහස් හුවමාරු කර ගනු ලැබූ අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරනු ලැබීය.

Accessibility Tools