EVENT NEWS › 2026

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS TULSA’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙයි

07 Oct 2026

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS TULSA (LCS 16)’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද දින (2026 ඔක්තෝබර් 07) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම එහිදී සිදුකෙරිණි.

මෙලෙස කොළඹ වරායට පැමිණි Littoral Combat වර්ගයට අයත් ‘USS TULSA (LCS 16)’ නෞකාව දිගින් මීටර් 127.7 ක් වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් BM Wanier කටයුතු කරනු ලබයි.

තවද, 2019 වර්ෂයේ පෙබරවාරි මස 16 වන දින අධිකාරියට පත් ‘USS TULSA (LCS 16)’ නෞකාව, එතැන් සිට ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ සේවය සඳහා එක්ව ඇති අතර, මීට පෙර ද මෙම නෞකාව 2025 අගෝස්තු මස 27 වැනි දින ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇත.

Accessibility Tools