EVENT NEWS 2026

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ධනේෂ් පත්බේරිය නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

16 Sep 2026

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ධනේෂ් පත්බේරිය අද දින (2026 සැප්තැම්බර් 16) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීය.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වැනි උපන් දිනය යෙදී තිබූ රියර් අද්මිරාල් ධනේෂ් පත්බේරිය වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන්දින සුභපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් රියර් අද්මිරාල් ධනේෂ් පත්බේරිය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1992 වසරේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 10 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ධනේෂ් පත්බේරිය, සිය වසර 33 කට අධික සේවා කාලය තුළ නාවික හමුදාවේ වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හී අණභාර නිලධාරී ලෙස හා නෞකාවන්හි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදුකොට ඇත. තවද, රියර් අද්මිරාල් ධනේෂ් පත්බේරිය; නාවික හමුදා විනයාරක්‍ෂාධිපති, නාවික අණභාර නිලධාරී (ත්‍රිකුණාමලය උතුර), වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගිණි අවි සහ පතරොම් මිලදී ගැනීමේ ඒකකයේ අධ්‍යක්‍ෂ, අධ්‍යක්‍ෂ නාවික ප්‍රතිපත්ති හා සැලසුම්, වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන සහ ධජ නිලධාරී නාවික දියත් විධානය වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

Accessibility Tools