EVENT NEWS 2026

රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව සඳහා ප්‍රථිචාර දැක්වීමේ පුහුණු අභ්‍යාසයක් හම්බන්තොට වරාය පරිශ්‍රයේදී

16 Sep 2026

හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව අවස්ථාවකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක්, අද දින (2026 සැප්තැම්බර් 16) හම්බන්තොට වරාය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, දකුණු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික ඒකකය විසින් (Chemical, Biological, Radiological, and Nuclear - CBRN) සංවිධානය කරන ලද මෙම පුහුණු අභ්‍යාසයේදී, හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව අවස්ථාවකදී ප්‍රතිචාර දැක්විය යුතු ආකරය සම්බන්ධයෙන් සිදුකෙරුණු පුහුණු අභ්‍යාසයයේ න්‍යායික හා ප්‍රායෝගික සැසි සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික පාර්ශවකරුවන් නියෝජනය කරමින් නියෝජිතයන් සහභාගී වූහ.

මෙහි න්‍යායික සැසිය තුළදී; රසායනික උපද්‍රව අනාවරණය, හඳුනා ගැනීම, ආරක්‍ෂක ක්‍රමවේද සහ ගලවා ගැනීමේ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරුණු අතර, එහි ප්‍රායෝගික සැසිය මඟින් හදිසි රසායනික උපද්‍රවයකදී අදාල ආරක්‍ෂිත උපාංග සහ උපකරණ නිසි ලෙස හැසිරවීම, පුද්ගලයින් ආරක්‍ෂිතව ඉවත් කිරීම, අන්තරායදායක රසායනික සංයෝග ආරක්‍ෂිතව බැහැර කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳ දැනුවත් කරනු ලැබීය.

Accessibility Tools