EVENT NEWS 2026

‘SLINEX – 2026’ ඉන්දු-ලංකා නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත් වූ සිඳුරළ නෞකාව ඉන්දියාවේ විශාකපට්නම් වරායට ලඟාවෙයි

19 Sep 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ‘SLINEX – 2026’ ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගි වන ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව 2026 සැප්තැම්බර් මස 17 වැනි දින ඉන්දියාව වෙත ලඟාවූ අතර, එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ඉන්දීය නාවික හමුදාව විසින් පිළිගැනීම ඉන්දියාවේ විශාකපට්නම් වරායේදී සිදුකෙරිණි.

2026 සැප්තැම්බර් මස 20 සහ 21 දෙදින ඉන්දියාවේ නැගෙනහිර මුහුදේ දී පැවැත්වෙන ‘SLINEX – 2026’ අභ්‍යාසය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් සුනන්ද අප්පුහාමි සහ ඉන්දීය නාවික හමුදාවේ INS KAVARATTI නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් Suraj Aiyappa අතර නිල හමුවීම් සිඳුරළ නෞකාවේදී සහ INS KAVARATTI නෞකාවේදී 2026 සැප්තැම්බර් මස 18 වැනි දින පැවැත්විණි.

ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා අතර සහයෝගීතාව, අන්තර් ක්‍රියාකාරීත්වය සහ වෘත්තීයමය අත්දැකීම් හුවමාරුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයට සමඟාමීව ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහාද සිඳුරළ නෞකාවේ නැව් මුළුව සහභාගි වේ.

Accessibility Tools