EVENT NEWS 2026

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ වැඩමුළුවකට සහභාගිවන නියෝජිතයින් පිරිසක් කොළඹ තොරතුරු විලායන මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක

14 Sep 2026

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) විසින් සංවිධානය කරනු ලබන “Maritime Domain Awareness as Digital Evidence” කලාපීය වැඩමුළුවට සහභාගීවන, එම සංවිධානයේ කළාපීය නියෝජිතයින් පිරිසක්, 2026 සැප්තැම්බර් මස 13 වැනි දින නාවික අනුඛණ්ඩ කොළඹ පිහිටි තොරතුරු විලායන මධ්‍යස්ථානයේ (Information Fusion Centre Colombo) නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

ඒ අනුව, ඉන්දියාව, බංගලාදේශය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රාජ්‍යන්ගේ නාවික හමුදා, වෙරළාරක්‍ෂක බලකා සහ එම රාජ්‍යයන්ගේ තොරතුරු විලායන මධ්‍යස්ථානයන්හී සමුද්‍රීය ආරක්‍ෂාව හා සබැඳි රාජකාරීන් සිදුකරනු ලබන නියෝජිතයන් විසි නවදෙනෙකුගෙන් (29) සමන්විත පිරිසක් මෙම නිරීක්‍ෂණ චාරිකාව සඳහා එක්වූහ.

මෙම සංචාරයේදි, කොළඹ තොරතුරු විලායන මධ්‍යස්ථානය මඟින් සිදුකෙරෙණ සමුද්‍රීය තොරතුරු එක්රැස් කිරීම, විශ්ලේෂණය, ඒකාබද්ධ කිරීම සහ බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම, සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ විමර්ශන කටයුතු සඳහා සමුද්‍රීය වපසරියේ (Maritime Domain) දත්ත නියමිත ක්‍රමවේදයකට අනුව එක්රැස් කිරීම, විශ්ලේෂනය කිරීම සහ ඩිජිටල් සාක්ෂි ලෙස අනාගතයේදී භාවිත කිරීම සඳහා සංරක්‍ෂණය කිරීම පිළිබඳව එහිදී එම නියෝජිතයින් පිරිස දැනුවත් කෙරිණි.

තවද, මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ, කලාපීය වැඩසටහන් සම්බන්ධීකාරක Sigi Song මහත්මිය සහ Bay of Bengal Programme – Inter-Governmental Organisation (BOBP-IGO) සංවිධානයේ උපදේශක වරයෙක් ලෙස කටයුතු කරනු ලබන, වයිස් අද්මිරාල් ජී අශෝක් කුමාර් (විශ්‍රාමික) ද සහභාගි වූහ.

Accessibility Tools