EVENT NEWS 2026

ශ්‍රී ලංකාවේ භෞමික ජල සීමාව තුළ සිදුවන විකිරණශීලී සහ න්‍යෂ්ටික හදිසි අවස්ථා සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා පොදු සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියක් සැකසීමේ වැඩමුළුවක් කොළඹදී

21 Sep 2026

ශ්‍රී ලංකාවේ භෞමික ජල සීමාව තුළ සිදුවන විකිරණශීලී සහ න්‍යෂ්ටික හදිසි අවස්ථා සඳහා ප්‍රතිචාර දැක්වීම පිණිස පොදු සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියක් සකස් කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා ලබා දීම වෙනුවෙන් වූ වැඩමුළුවක් අද දින (2026 සැප්තැම්බර් 21) කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් හසන්ත දසනායකගේ සහ එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ න්‍යෂ්ටික ද්‍රව්‍ය හොර රහසේ ප්‍රවාහනය හඳුනාගැනීමේ සහ වැළැක්වීමේ කාර්යාලයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණි.

එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ න්‍යෂ්ටික ද්‍රව්‍ය හොර රහසේ ප්‍රවාහනය හඳුනාගැනීමේ සහ වැළැක්වීමේ කාර්යාලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමේ කොටසක් ලෙස, පොදු සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියක් සකස් කිරීම වෙනුවෙන් පැවැත්වෙන මෙම වැඩමුළුව සැප්තැම්බර් මස 25 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වැඩමුළුව මඟින්, න්‍යෂ්ටික ද්‍රව්‍ය හොර රහසේ ප්‍රවාහනය හඳුනාගැනීමේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටි සකස් කිරීම පිළිබඳ ප්‍රායෝගික මගපෙන්වීම් ලබා දීම, හඳුනාගැනීමේ සහ වැළැක්වීමේ ක්‍රියාවලියේදී අනුගමනය කළ හැකි හොඳම භාවිතයන් හුවමාරු කර ගැනීම සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය පහසු කිරීම අපේක්‍ෂා කෙරේ.

Accessibility Tools