පොතුවිල් මුහුදේදී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින්, නාවික සැතපුම් 15 පමණ දුරින් වූ පොතුවිල් මුහුදේදී අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් වූ මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු (01) නාවික හමුදා යාත්‍රා යොදවා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නිරිපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාව විසින් 2026 ජුලි මස 17 වන දින කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින්, පොතුවිල් මුහුදේදී, ආපදාවට පත් ධීවර යාත්‍රාවක් පිළිබඳව කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙතින් සිදුකල දැනුම් දීමකට අනුව, 2026 ජුලි මස 17 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව හා නාවික හමුදා යාත්‍රා යොදවා සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමේදී පොතුවිල් දෙසට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ දී ආපදාවට පත්වු ධීවර යාත්‍රාවේ සිටි ධීවරයා සොයා ගන්නා ලදි.
එහිදී අනතුරට පත් ධීවරයා නිරුපද්‍රිතව මුදා ගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව වෙතින් මූලික ප්‍රථමාධාර ලබා දෙමින් කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කර වැඩිදුර ප්‍රථිකාර සඳහා යොමු කරන ලදි.
තවද, කොළඹ නාවික අනුඛණ්ඩයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික සහ ධීවර ප්‍රජාව මුදාගැනීම සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටියි.













