නාවික හමුදාව නීති විරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 27ක් නීතිය හමුවට පමුණවයි

04 Jul 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 ජුනි මස 16 සිට 30 දක්වා කාල සීමාව තුල දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් විසි හතක් (27) සමඟ ඩිංගි යාත්‍රා දහයක් (10) සහ කැනොයි යාත්‍රා දෙකක් (02) නීතිය හමුවට පැමිණවිමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ත්‍රිකුණාමලය සූඩයිකුඩා, ස්විට් බේ, යාපනය උඩුත්තුරායි, වෙත්තලකේනි, කඩ්ඩෙයිකාඩු, චලෙයි, සිලාවතුර සාවාරිපුරම් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර, උතුර සහ වයඹ නාවික විධාන විසින් සිදුකළ මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන්, වාණිජ පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, මුතූර්, යාපනය, මන්නාරම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයන් වෙත සහ මරදන්කේනි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Accessibility Tools