නීති විරෝධී ලෙස මුහුදු මඟින් ප්‍රවාහනය කළ මුහුදු කූඩැල්ලන් 14,000කට අධික තොගයක් සමඟ සැකකරුවන් 12 දෙනෙකු නීතියේ හමුවට

29 Jul 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම සවුත්බාර් වෙරළ හා ගොඩබිම් ප්‍රදේශ ආවරණය වන පරිදි 2026 ජූලි 28 වැනි දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ සහ බලපත්‍ර නොමැතිව ගොඩබිම් මාර්ගයෙන් ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් ගණනින් දහහතර දහස් හැත්තෑ දෙකක (14,072) පමණ තොගයක් සමඟ සැකකරුවන් දොළොස් දෙනෙකු (12), ඩිංගි යාත්‍රා තුනක් (03) සහ යතුරුපැදි දෙකක් (02) නීතිය හමුවට පමුණුවීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය වෙත ලද විශ්වාසනීය තොරතුරකට අනුව, දියත් කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම අතරතුර සැකකටයුතු ඩිංගි යාත්‍රා තුනක් සහ යතුරු පැදි දෙකක් පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස මුහුදු මඟින් ගොඩබිම වෙත ප්‍රවාහනය කරමින් තිබූ සහ බලපත්‍ර නොමැතිව ගොඩබිම් මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ මුහුදු කූඩැල්ලන් විශාල තොගයක් නාවික හමුදාව විසින් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

මෙහිදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 24ත් 46ත් අතර මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා සහ යතුරුපැදි වැඩිදුර නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.

Accessibility Tools