නීති විරෝධී ලෙස කඩොලාන අතු කැපූ පුද්ගලයින් 03 ක් සහ ඩිංගි යාත්‍රාවක් මන්නාරම වන්කාලේදී නාවික හමුදා භාරයට

11 Nov 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම් වන්කාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස කඩොලාන අතු කැපූ පුද්ගලයන් තිදෙනෙක් (03) සහ ඩිංගි යාත්‍රාවක් (01) අද දින (2026 නොවැම්බර් 11) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

වෙරළ පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය රැක ගනීමට කඩොලාන පරිසරය විශේෂ දායකත්වයක් ගෙන දෙනු ලබන බැවින්, එම පරිසරය සංරක්‍ෂණය වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවදානයෙන් පසුවෙයි.

ඒ අනුව, උතුරුමැද නාවික විධානයේ ශ්‍රීලංනානෞ ඵුස්සදේව ආයතනය මඟින්, වන්කාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, නිති විරෝධි ලෙස කපා ඉවත්කරන ලද ක‍ඩොලාන අතු ප්‍රවාහනය‍ට සූදාම්කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් (03) සහ ඩිංගි යාත්‍රාවක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීම සිදුකෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් තිදෙනා, ඩිංගි යාත්‍රාව සහ නීති විරෝධී ලෙස කපන ලද කඩොලාන අතු ඉදිරි නීතිමය කටයුතු සඳහා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Accessibility Tools