මුහුදේ අතරමන්ව සිටි කුඩාවැල්ලේ ධීවරයින් සිව්දෙනා ගොඩ බිමට රැගෙන ඒමට නාවික හමුදා සහය
2026 ඔක්තෝබර් මස 21 වැනි දින කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් නැවත නොපැමිණි ධීවරයින් සිව් දෙනෙකු (04) සොයා ධීවර දෙපාර්තමේන්තුව විසින් සිදුකළ දැනුම් දීමට අනුව; ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ගුවන් හමුදාව සහ එම මුහුදු කලාපයේ අනෙකුත් ධීවර යාත්‍රා දැනුවත් කරමින් ඒකාබද්ධ සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කෙරිණි.
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් අනෙකුත් ධීවර යාත්‍රා දැනුවත් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරල නෞකාව යොදවා සිදුකළ එම ඒකාබද්ධ මෙහෙයුම අතරතුරදී, අතුරුදහන්ව තිබූ ධීවර යාත්‍රාව සහ එහි ගමන් ගත් ධීවරයින් සිව්දෙනා 2026 නොවැම්බර් මස 01 වැනි දින පොතුවිල් වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී හේෂක පුතා (IMUL-A-0658-KLT) දරන බහුදින යාත්‍රාව විසින් නිරුපද්‍රිතව සොයාගැනීමට හැකි වී ඇත.
නාවික හමුදාව අනෙකුත් පාර්ශ්වයන් හා එක්ව සිදුකල එම ඒකාබද්ධ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස සොයාගත් එම ධිවරයින් සිවු දෙනා (04) මේ වන විට ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව මඟින් ආරක්‍ෂිතව ගොඩබිමට රැගෙන එමින් සිටියි.













