නීති විරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 59ක් නීතිය හමුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 සැප්තැම්බර් මස 11 සිට 30 දක්වා කාල සීමාව තුල දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, නීති විරෝධි පන්නක්‍රම සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් පනස් නවදෙනෙකු (59) සහ ඩිංගි යාත්‍රා විසි තුනක් (23), නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, ත්‍රිකුණාමලය වාකරේ, මූතූර්, උප්පවෙලි, ග්‍රින්බේ, කදිරවේලී, ෆ්ලෑග් ස්ටාෆ්, ෆවුල් පොයින්ට්, කින්නියා, නිලාවේලි, කුඹුරුපිඩ්ඩි, වෙරුගල්, පල්චේනායි, පුදුමාතලන්, සාදුගල, යාපනය වෙත්තලකේණි, කඩ්ඩයිකාඩු, කෝවිලන්, මන්නාරම තාවුල්පාඩු හා සවුත්බාර් යන වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර, උතුර සහ උතුරු මැද නාවික විධාන විසින් සිදුකළ මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්‍රා හා තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා වාකරේ, කොඩ්බේ, මුලතිව්, මුතූර්, ත්‍රිකුණාමලය, යාපනය සහ මන්නාරම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කෙරිණි.













