නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1270 කට අධික තොගයක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, බත්තලංගුන්ඩුව කල්ආරු මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව 2026 සැප්තැම්බර් මස 30 වැනි දින සිදුකල සෝදිසි මෙහෙයුම මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් දෙසීය හැත්තෑවකට (1270) අධික තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය, බත්තලන්ගුන්ගුංඩුව කල්ආරු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම මඟින්, එම මුහුදු ප්‍රදේශයෙහි තිබූ සැකකටයුතු උර විසි හයක් (26) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස රට තුලට රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලද බවට සැකකෙරෙන, බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් දෙසීය හැත්තෑවකට (1270) අධික තොගයක් මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකර ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.













