බත්තලන්ගුංඩුව දූපතේ හදිසි රෝගාබාධයකට ලක්වූ පුද්ගලයෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහාය
බත්තලන්ගුංඩුව දූපතේ හදිසි රෝගාබාධයක් හේතුවෙන් අසාධ්‍ය වූ රෝගියෙකු හට මූලික ප්‍රථමාධාර ලබා දී කල්පිටිය මූලික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව 2026 සැප්තැම්බර් මස 17 වැනි දින රාත්‍රී කාලයේදී කටයුතු කෙරිණි.
ඒ අනුව, බත්තලන්ගුංඩුව දූපතේ හදිසි රෝගාබාධයක් හේතුවෙන් අසාධ්‍ය වූ රෝගියෙකු නාවික හමුදා P 233 වෙරළබඩ මුර සංචාරක යාත්‍රාව මඟින් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ ජැටිය වෙත රැගෙනවිත්, කඩිනමින් කල්පිටිය මූලික රෝහල වෙත ප්‍රථිකාර සඳහා යොමු කිරීමට කටයුතු කෙරිණි.
දූපත්වාසී ජනතාවගේ වෛද්‍ය පහසුකම් ඇතුළු ප්‍රජා සත්කාරක සේවාවන් ඉටු කිරීම වෙනුවෙන් නාවික හමුදාවේ නිරන්තර සූදානම සහ කැපවීම මේ අනුව තහවුරු කෙරිණි.
1 /
6













