තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ අතරමංව සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි

05 Sep 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින (2026 සැප්තැම්බර් 05) තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදී, වැලිපරයක අතරමංව සිටි තවත් පුද්ගලයන් තිදෙනෙකු මුදවා ගැනීමට කටයුතු කල අතර, මෙම පිරිස ද දකුණු ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් පැමිණ ඇති බවට කරුණු අනාවරණය වී ඇත. එම පිරිස අතර ‍පියෙකු (01) සහ ඔහුගේ අවුරුදු 11ක් හා 13ක් වයස ඇති දරුවන් දෙදෙනාද (02) සිටී.

මෙම මෙහෙයුමත් සමඟ නාවික හමුදාව මඟින් අද දිනය තුල ළමුන් පස් දෙනෙකු (05), කාන්තාවන් සිව් දෙනෙකු (04) සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු (02) ඇතුළුව පුද්ගලයින් එකොළොස් දෙනෙකු (11) හට සහන සැලසීමට හැකි විය.

එම පුද්ගලයින් පිරිස ඉදිරි නීතිමය හා පරිපාලන කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව ඇත.

Accessibility Tools