විදේශීය දුම්වැටි 1600ක් සමග පුද්ගලයෙකු හම්බන්තෙටදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, හම්බන්තොට පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස අළෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු, 2026 සැප්තැම්බර් මස 01 වැනි දින නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
දකුණු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු පුද්ගලයෙකු (01) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීතී විරෝධී ලෙස අළෙවි කිරීම සඳහා විදේශීය දුම්වැටි එක්දහස් හයසියයක (1,600) පමණ තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු (01) මෙලෙස නීතියේ රැහැනට හසුකර ගන්නා ලදි.
තවද, මෙම ඒකාබද්ධ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක් වන හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බන්තොට වරාය පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.













