Sri Lanka Navy – Official Logo
SPORT NEWS 2026

‘Navy Monthly Medal Golf Championship – 2026’ සාර්ථකව නිමාවට පත්වෙයි

26 May 2026

නාවික හමුදා ගොල්ෆ් සංචිතය විසින් අටවැනි (08) වරටත් සංවිධානය කරන ලද ‘Navy Monthly Medal Golf Championship – 2026’ වැලිසර ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී 2026 මැයි මස 24 වැනි දින සාර්ථකව පැවැත්වුණු අතර, ජයග්‍රාහකයින් වෙත ත්‍යාග පිරිනැමීම බටහිර නාවික විධානයේ ආඥාපති සහ නාවික හමුදා ගොල්‍ෆ් සංචිතයේ සභාපති රියර් අද්මිරාල් ජගත් කුමාර විසින් සිදුකෙරිණි.

ඒ අනුව, නාවික හමුදා පුද්ගලයින් අතර ක්‍රීඩාශීලිත්වය, ශාරීරික යෝග්‍යතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේ සමස්ත පිරිමි ශූරතාවය, Net winner හා Gross Winner කුසලාන ගුවන් විදුලි කාර්මික ඩබ්එම්එස්එම් වන්නිනායක විසින් සහ සමස්ත කාන්තා ශූරතාවය බල කාන්තා නැවි ඒඑම් උමයන්ගනී විසින් දිනා ගැනීමට සමත්විය.

තවද, මෙම තරඟාවලියේ දී Net runner up හා Gross runner up කුසලාන ලුතිනන් කොමාණ්ඩර් එම්පීඑච් පෙරේරා විසින් ද, Nearest to the pin කුසලානය බල කාන්තා නැවි ඒඑම් උමයන්ගනී විසින් ද, Longest Drive කුසලානය ගුවන් විදුලි කාර්මික ඩබ්එම්එස්එම් වන්නිනායක විසින් සහ Best Player කුසලානය ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) එච්එම් උඩවත්ත විසින් දිනා ගැනීමට සමත්විය.

Accessibility Tools