මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය තුන් ප්‍රයාම තරඟාවලිය - 2026 හී විවෘත ක්‍රීඩා සමාජ පිරිමි කාණ්ඩයේ අනුශූරතාවය නාවික හමුදාවට
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ තුන් ප්‍රයාම තරඟාවලිය, 2026 ඔක්තෝබර් මස 03 වැනි දින මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය කනිෂ්ඨ පාසල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවති අතර, එහි විවෘත ක්‍රීඩා සමාජ පිරිමි කාණ්ඩයේ සමස්ථ අනුශූරතාවය නාවික හමුදා තුන් ප්‍රයාම කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත් විය.
ඒ අනුව, මෙම තුන් ප්‍රයාම තරඟාවලිය පිරිමි සහ කාන්තා පාසැල් තරඟය, විවෘත පිරිමි, ආදි ශිෂ්‍ය පිරිමි හා විවෘත ක්‍රීඩා සමාජ පිරිමි වශයෙන් තරඟ ඉසව් හතරක් (04) යටතේ පැවති අතර, නාවික හමුදාව නියෝජනය කරමින් විවෘත ක්‍රීඩා සමාජ පිරිමි කාණ්ඩයෙන් තරඟ කළ සුළු නිලධාරි (කිමිදුම්) කේජීඑල් කුමාර, නායක නැවි (කිමිදුම්) ජේඩීපීපී ජයසිංහ සහ විදුලි කාර්මික ආර්එම්පීඑස් බංඩාර එහි සමස්ථ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.
1 /
6













