SPORT NEWS › 2026

‘ගනර් සුපර් ක්‍රෝස් - 2026’ ධාවන තරඟාවලියේ ‘Standard 125cc’ අංශයේ තෙවැනි ස්ථානය නාවික හමුදාව දිනා ගනියි

01 Oct 2026

ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද ‘ගනර් සුපර් ක්‍රෝස් - 2026’ තරඟාවලිය, 2026 සැප්තැම්බර් මස 27 වැනි දින, මින්නේරිය යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තු ධාවන පථයේදී සාර්ථකව පැවැත්වුනු අතර, එහිදී Standard 125cc අංශයේ තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට නාවික හමුදාව සමත් විය.

ඒ අනුව, Standard 125cc, Racing 125 cc , Standard 250CC, Super Mortard Race-01 සහ Super Mortard Race-02 යන අංශ සඳහා නාවික හමුදා යතුරුපැදි සංචිතයේ ක්‍රීඩකයින් සහභාගීවූ අතර, විශේෂ දස්කම් පෙන්වමින් Standard 125cc අංශයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට එහිදී සුළුනිලධාරී ඩීඑම්එස්එස් කුමාර සමත් විය.

Accessibility Tools