SPORT NEWS › 2026

05 වන ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල කාන්තා වෙරළ වොලිබෝල් ශූරතාවලියේ ලෝකඩ පදක්කම නාවික හමුදාවට

23 Oct 2026

05 වන ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල වෙරළ වොලිබෝල් ශූරතාවලිය 2026 ඔක්තෝබර් මස 15 සිට 22 දක්වා ඕමානයේදී පැවති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ නාවික හමුදා ක්‍රීඩිකාවන් එම ශූරතාවලියේ කාන්තා අංශයේ ලෝකඩ පදක්කම මව්බිමට දිනා දීමට සමත් විය.

‍ඒ අනුව, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ඕමානය, ඇල්ජීරියාව සහ ශ්‍රී ලංකාව යන රාජ්‍යයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම ශූරතාවලිය සඳහා නායක නැවි (කාන්තා), ඒකේටී ලක්ෂානී සහ සාමාන්‍ය නැවි (කාන්තා), ඵම්ජීඩී බණ්ඩාර ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරනු ලැබීය. එහිදී, ප්‍රබල ඇල්ජීරියානු කාන්තා කණ්ඩායම තරඟ වට 2-0 ලෙස පරාජය කරමින් 05 වන ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල වෙරළ වොලිබෝල් ශූරතාවලියේ කාන්තා අංශයේ ලෝකඩ පදක්කම මෙලෙස මව්බිමට දිනා දීමට සමත් විය.

එමෙන්ම, මෙම ශූරතාවලියේදී නාවික හමුදා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් නාවික හමුදා වෙරළ වොලිබෝල් සංචිතයේ ලේඛම් කොමාණ්ඩර් මදුෂාන් සිල්වා සහාගී වූ අතර, ශූරතාවලියේ ජාත්‍යන්තර විනිසුරු වරයෙකු ලෙස නායක නැවි ඒජීඑච් සිල්වා සහභාගී විය.

තවද, අද දින උදෑසන දිවයිනට පැමිණි නාවික හමුදා කණ්ඩායම පිලිගැනීම, අධ්‍යක්‍ෂ ක්‍රීඩා, කොමදෝරු ඉන්දික එදිරිසිංහ විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී සිදුකරනු ලැබීය.

Accessibility Tools