අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේ නාවික හමුදා ක්‍රීඩා සමාජයට ජයක්

අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලිය - 2022 පළමු අධියරේ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර 2022 ජනවාරි 29 වන දින කොළඹ, බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැති තරඟයෙන්, ලකුණු 12 - 0 ක් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය ජය ගැනීමට සමත් විය.

මෙහිදී සාමාන්‍ය නැවි ඒඊ වීරතුංග සහ සාමාන්‍ය නැවි ටීඑම් වීරසිංහ විසින් උත්සාහක දිනුම් දෙකක් (02) වාර්ථා කළ අතර, බලනැවි අයි යූ කෝන්ගහවත්ත විසින් ඉන් එක් උත්සාහ දිනුමක් ගෝලයක් බවට පරිවර්ථනය කරමින් ලකුණු 12 – 0 ලෙස නාවික හමුදා කණ්ඩාය‍මේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා දායක විය.

මෙම තරඟය නැරඹීම සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති සහ නාවික හමුදා රග්බි ක්‍රීඩා සංචිතයේ සභාපති රියර් අද්මිරාල් සජිත් ගමගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන්, නාවික පුද්ගලයින් සහ ක්‍රීඩා ලෝලීන් පිරිසක් සහභාගී වී සිටියහ.