අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේ නාවික හමුදා ක්‍රීඩා සමාජයට තවත් ජයක්

අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලිය - 2022, පළමු අධියරේ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය හා CR & FC ක්‍රීඩා සමාජය අතර 2022 පෙබරවාරි 11 වන දින වැලිසර, නාවික හමුදා ක්‍රීඩාංගනයේ පැවැති තරඟයෙන්, ලකුණු 18 - 13 ක් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය ජය ගැනීමට සමත් විය.

මෙහිදී සාමාන්‍ය නැවි ඒඊ වීරතුංග සහ ප්‍රවාහන සහායක ටිඑම්ඒ ගුණසිංහ උත්සාහක දිනුම් එක බැඟීන්, උත්සාහක දිනුම් දෙකක් (02) ද, සාමාන්‍ය නැවි ජිආර්එම්සිබි සෙනෙවිරත්න සහ සාමාන්‍ය නැවි ඒඑම් සැමුවෙල් විසින් දඩුවම් පහර එක බැගින්, දඩුවම් පහර දෙකක් (02) ද, ආර්ජේ චන්දිමාල් විසින් ප්‍රවර්ථන ගෝල එකක් (01) ද ලබා ගනීමින් ලකුණු 18 - 13 ලෙස නාවික හමුදා කණ්ඩාය‍මේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා දායක විය.

මෙම තරඟය නැරඹීම සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති සහ නාවික හමුදා රග්බි ක්‍රීඩා සංචිතයේ සභාපති රියර් අද්මිරාල් සජිත් ගමගේ ඇතුළු ජ්‍යේෂ්ඨ නාවික හමුදා නිලධාරීන්, නාවික පුද්ගලයින් සහ ක්‍රීඩා ලෝලීන් පිරිසක් සහභාගී වී සිටියහ.