බටහිර සහ උතුරු මැද නාවික විධානයන් ‍2022 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලියේ සම ශූරතාවය දිනාගනීයි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය, 2022 සැප්තැම්බර් මස 05 වන දින සිට සැප්තැම්බර් 10 දක්වා නැගෙනහිර නාවික විධාන ටෙනිස් ක්‍රිඩා පිටියේදී පැවති අතර, එම තරඟාවලියෙහි සම ශූරතාවය බටහිර සහ උතුරු මැද නාවික විධානයන් විසින්ද, එහි අනුශූරතාවය දකුණු නාවික විධානය විසින්ද දිනාගැනීමට සමත් විය.

ඒ අනුව, 2022 සැප්තැම්බර් මස 10 වන දින සාර්ථකව නිමාවට පත් වූ ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලියේදී, නවක කේවල අංශයේ ශූරතාවය බලනැවි(ශාරීරික අභ්‍යාසක) ආර්එම්ආර්ජීඩීඊ බංඩාර විසින් දිනාගැනීමට සමත් වූ අතර එහි අනුශූරතාවය බලනැවි(ශාරීරික අභ්‍යාසක) කේඩබ්ඩීඩී මධුරංග විසින් දිනාගැනීමට සමත්විය. එමෙන්ම ප්‍රවීණ යුගල අංශයේ ශූරතාවය කොමදෝරු ඩීඑන් පත්බේරිය සහ කොමදෝරු කේඩීඩීසී ප්‍රනාන්දු විසින් දිනාගන්නා ලද අතර, එහි අනුශූරතාවය රියර් අද්මිරාල් කේඒපීඑස්කේ කාරියප්පෙරුම සහ කොමදෝරු එච්එස්කේ දිසානායක විසින් දිනාගැනීමට සමත් විය. තවද, විවෘත යුගල අංශය යටතේ පැවති තරඟයේ ශූරතාවය නායක නැවි (ශාරීරික අභ්‍යාසක) එන්ජේආර් හේමකුමාර සහ බලනැවි(ශාරීරික අභ්‍යාසක) පීඑම්එස්එල් පෙරේරා විසින් දිනාගන්නා ලද අතර, කපිතාන්(ඉ) ආර්එන්බී රාජපක්‍ෂ සහ ලුතිනන් කොමාණ්ඩර් (ඉ) ඩීජීසී ජයරුවන් විසින් එහි අනුශූරතාවය දිනාගන්නා ලදි.

තවද, මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත කුලරත්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගීවී සිටියහ.