‘Monsoon Cup - 2022’ ගොල්ෆ් තරගාවලියේදී නාවික හමුදා ක්‍රීඩකයින් සම්මාන හිමිකරගනියි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද 'Monsoon Cup - 2022' ගොල්ෆ් තරඟාවලිය ත්‍රිකුණාමලය, චීන වරාය ගොල්ෆ් ක්‍රිඩා පිටියේ දී 2022 ඔක්තෝබර් මස 01 වන දින සාර්ථකව අවසන් වූ අතර, එම ගොල්ෆ් තරගාවලියේදී නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් විශිෂ්ඨ දක්ෂතා පෙන්නුම් කරමින් සම්මාන හිමි කරගැනීමට සමත් විය.

ඒ අනුව, මෙම තරගාවලියේ දී 'Monsoon Defence Challenge Trophy' කාණ්ඩය යටතේ ක්‍රීඩා කල කපිතාන් මංගල මුම්මුල්ලගේ එහි අනුශූරතාවය දිනාගැනීමට සමත් වූ අතර, මෙම ගොල්ෆ් තරඟාවලියේ පිරිනමන 'Nearest to the Pin' කුසලානය කොමදෝරු ප්‍රදීප් කරුණාතිලක විසින් හිමිකර ගැනීමට සමත් විය.

තරඟාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය 2022 ඔක්තෝබර් මස 01 වන දින මාබල් බීච් ගුවන් හමුදා හෝටල් සංකීර්ණයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ සහභාගී වන ලදී.